News Line| Off Air| Games
Generic placeholder image

May
16

පරිස්සමෙන්, දකුණු පළාතට ඉන්ෆ්ලුවෙන්සා අවධානමක්.

4376 Views


පරිස්සමෙන්, දකුණු පළාතට ඉන්ෆ්ලුවෙන්සා අවධානමක්.

ගාල්ල කරාපිටිය රෝහලේ හදුනා නොගත්ත දරුණු රෝගයක් ව්‍යාප්ත වෙන්න පටන් අරන් තියෙනවා. මේ රෝගය දරුණු නියෝමෝනියා තත්ත්වයක් කියලා කරාපිටිය රෝහලේ විශේෂඥ ළමා රෝග වෛද්‍ය අරුණ ද සිල්වා මහතා පවසනවා. ඒ වගේම මේ දවස්වල දකුණු පළාත පුරාම මේ දරුණු රෝගය පැතිර යනවා.

මාතර , හම්බන්තොට, තංගල්ල ප්‍රදේශවලින් පවා රෝගීන් කරාපිටිය රෝහලට පැමිණෙමින් ඉන්නවා. විශේෂයෙන්ම අවුරුදු 2 ට 3 ට අඩු දරුවන්ට, ඉපදුනු දිනයේ සිට වයස අවු 03 දක්වා දරුවන්ට මේ රෝගී තත්ත්වය බරපතළ තත්ත්වයට පත් වෙනවා කියලා වෛද්‍යවරයා සඳහන් කරා.

මෙම රෝගී තත්ත්වයට මුලික හේතුව වෛරසයක් මඟින් ඇති වන නියුමෝනියා තත්ත්වයක් නෙවෙයි කියලයි වෛද්‍යවරු කියන්නේ. ඉන්ෆ්ලුවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇති වන නියුමෝනියා තත්ත්වයක් බවට හඳුනාගෙන තියෙනවා.

මේ රෝගය සෑදුනු දරුවන්ගේ සහෝදර සහෝදරියන් ඉන්නවා නම් ඔවුන්ව රෝගියාව බලන්න රෝහලට එක්කන් එන්න එපා කියලා වෛද්‍යවරු දැනුම් දෙනවා.

කැස්ස හෙම්බිරිසාව, උණ, පාචනය යන රෝගී තත්ත්වයන් තියෙන දරුවන් පාසල්, පෙර පාසල් නොයවා පුළුවන් තරම් ගෙදර රඳවා ගන්න කියලා වෛද්‍යවරු ඉල්ලා සිටිනවා. ඒ වගේම රෝගීන් බැලීමට එන ප්‍රමාණය හැකි තරම් අඩු කර ගන්න කියලත් ඉල්ලා සිටිනවා.


News Articles
Latest Videos
Most Popular Post