News Line| Off Air| Games
Generic placeholder image

May
25

කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කෙරේ

647 Views


කොළඹ හා ගම්පහ හැර අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කෙරේ

කොළඹ හා ගම්පහ හැර සෙසු ප්‍රදේශවල සිට අන්තර් පළාත් බස් රථ සේවා හෙට සිට ආරම්භ කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කරනවා. සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් අන්තර් පළාත් බස් රථ ධාවනය අලුයම 4.30 ට ආරම්භ කෙරෙන අතර පස්වරු 6.00 ට අවසන් කිරීමට සැලසුම් කර තිබෙනවා.

බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේ ය.

බස් රථ වල ගමනාන්තය පැහැදිලිවම ඉදිරි පස වීදුරුවේ සඳහන් කළ යුතු බවත් බස් රථවලින් ගාස්තු අය කළ යුත්තේ එම බස් රථ නවත්වන ස්ථානය දක්වා පමණක් බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන් වනවා.


News Articles
Latest Videos
Most Popular Post