News Line| Off Air| Games
Generic placeholder image

Aug
14

ශිතකළ ආහාර ද්‍රව්‍ය මත කොරෝනා වෛරසය පවතීද ?

566 Views


ශිතකළ ආහාර ද්‍රව්‍ය මත කොරෝනා වෛරසය පවතීද ?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොරෝනා වෛරසය පිලිබදව ඉදිරිපත් කරන ලද කරුණු දෙස අවදානය යොමු කිරීමේදී ඔවුන් දිගින් දිගටම කියා සිටින්නේ ශීතකළ ආහාර මතින් කොරෝනා වෛරසයේ ව්‍යාප්ත නොවන බවයි. මෙසේ ප්‍රකාශ කර ඇති පසුබිමක ඉකුත්දා චීනයේ නගර දෙකක් වෙත ආනයනය කරන ලද ශිතකළ ආහාර ද්‍රව්‍ය මත තිබී නව කොරෝනා වෛරසය හමුවූ බව චීනයෙන් ප්‍රකාශ කර තිබෙනවා.

ඔවුන්ට මෙම වෛරසය හමු වී ඇත්තේ ශීත කළ කුකුළු මස් තොගයක් තුලින් ලබා ගත් මතුපිට සාම්පල පරික්ෂා කිරීමෙන් අනතුරුවයි. මෙවන් තත්වයක් තුල ආහාර සුරක්ෂිතතා අවදානම තක්සේරු කිරීමේ චීන ජාතික මධ්‍යස්ථානය සදහන් කරන්නේ ශීතකළ ආහාර මගින් වෛරසය ආසාදනය වීමේ හැකියාව සනාථ වී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post