News Line| Off Air| Games
Generic placeholder image

Feb
14

කොවිඩ් – 19 පාලනයට ජපානයෙන් හදිසි පියවර මාලාවක්

612 Views


කොවිඩ් – 19 පාලනයට ජපානයෙන් හදිසි පියවර මාලාවක්

කෝවිඞ් නයින්ටින් වෛරසය ව්‍යාප්ත වීම පාලනය සදහා හදිසි පියවර මාලාවක් ක‍්‍රියාත්මක කිරීමට ජපන් රජය තීරණය කර තිබෙනවා.මේ පිළිබදව තීරණය කෙරුනේ අග‍්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ ප‍්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩලයේ දීයි.
මේ යටතේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම පාලනය සදහා ඩොලර් මිලියන 140 ක් වෙන් කර තිබෙනවා. රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම සදහා තෝරාගත් රෝහල් කිහිපයක ඇදන් 1 800 ක් සකස් කිරීමට නියමිතයි.
ජපානයෙන් පළමු කොරෝනා මරණය වාර්තා වීමත් සමග කැබිනට් මන්ඩලය මෙම පියවර ගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ ජපානයේ කනගාවා ප‍්‍රදේශයේ සිටි 80 හැවිරිදි කාන්තාවක්.

ඇයට කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වී තිබුනේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දීයි ජපානයේ යොකොහමා වරායේ විශේෂ ස්ථානයන නවතා තිබෙන ඩයමන්ඞ් ප‍්‍රින්ස් නෞකාවේ තවත් 44 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ වන විට එම නෞකාවෙන් සොයා ගෙන ඇති කොරොනා ආසාදිතයින් සංඛ්‍යාව 219 ක්.
පුද්ගලයින් 3 700 ක් රැුගත් ඩයමන්ඞ් ප‍්‍රින්ස් නෞකාව ජපානයේ යොකොහමා වරායේ විශේෂ ස්ථානයන නවතා ඇත්තේ සති දෙකකට පෙර සිටයි. එම නෞකාවෙන් කොරොනා වෛරසය ආසාදිත වු හොංකොං ජාතිකයෙකු සොයා ගැනීමත් සමග නෞකාව නිරෝධායනය කිරීම ආරම්භ වුණා. නිරෝධායන කටයුතු ලබන 19 වනදා දක්වා සිදු වන බවයි ජපාන බලධාරීන් සදහන් කලේ.


News Articles
Latest Videos
Most Popular Post