News Line| Off Air| Games
Generic placeholder image

Nov
24

මහනුවර භූ කම්පනයට හේතුව හුණු ගල් කැණීම නොවන බව අනාවරණ වෙයි

371 Views


මහනුවර භූ කම්පනයට හේතුව හුණු ගල් කැණීම නොවන බව අනාවරණ වෙයි

පසුගිය දා මහනුවර – දිගන, අලුත්වත්ත, අඹකොටේ, මයිලපිටිය, අනුරවත්ත සහ හාරගම යන ප්‍රදේශවල ඇතිව තිබූ භූ කම්පනයට හේතුව හුණු ගල් කැනීම නොවන බවට ආනරවණ වී ඇතැයි ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට පත් කළ කමිටුව පවසනවා.

ඒ පිළිබඳ විද්‍යාත්මක පරික්ෂණයක් සිදුකිරීම සඳහා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපතිවරයා සය පුද්ගල කමිටුවක් පත් කළේ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් මතයි.

එම කමිටුවේ වාර්තාව මහින්ද අමරවීර අමාත්‍යවරයා වෙත භාර දී තිබෙනවා.

අදාළ වාර්තාවෙන් පෙන්වා දී ඇත්තේ, කෙටි කලක් තුළ එකම කලාපයේ භූ කම්පන කිහිපයක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ දිගුකාලීන අඛණ්ඩ අධීක්ෂණ වැඩසටහනක් කඩිනමින් ස්ථාපනය කළ යුතු බවයි.

පසුගියදා සිදුවු භූ කම්පනය හේතුවෙන් වික්ටෝරියා ජලාශයේ වේල්ලට හානි වී ඇති බවට කතා බහක් නිර්මාණය වී තිබුණ ද එවැනි තත්ත්වයක් උදාවී නොමැති බව අදාළ කමිටු වාර්තාවේ සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post