News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

වාහන වලට හරි පාර කියන GPS කෙල්ල

1660 Views


වාහන වලට හරි පාර කියන GPS කෙල්ල

වාහනයට නැගී , යන්න ඕනි ගමන ඉක්මනට වගේම හරියටම යන්න උපදෙස් දෙන GPS එක හරහා කතා කරන කටහඬ ගැන ඔයා එකපාරක් හරි හිතුවද? ඒ සුන්දර සන්සුන් කරහඬේ අයිතිකාරිය හඳුනගන්න ඕනිම කෙනෙක්.

මෙයාගෙ නම Karen Jacobsen. Karen ගෙ උපත ඕස්ට්‍රේලියාවෙ. පුංචි කාලෙ ඉඳලම Karen දක්ෂ දියණියක් කියලා තමයි Karen ගෙ දෙමව්පියො Karen ගැන කිව්වෙ. වයස අවුරුදු 7 වෙනකොට Karen ගීත රචනා කිරීම වගේම ගීත ගායනා කිරීම ආරම්භ කරලා තියෙනවා.

Karen ට ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයෙන් හඬ භාවිතය හා පියානෝ වාදනය පිළිබඳව උපාධියක් තියෙනවා. ඒ සරසවියෙ තිබුණ තරඟ රැසක ජයග්‍රාහිකාව වෙන්න Karen වාසනාවන්ත වුණා.

Good Morning Australia කියන රූපවාහිනී වැඩසටහන හරහා තමයි Karen තමන්ගෙ වෘත්තිය ආරම්භ කරලා තියෙන්නෙ. Karen ගෙ හඬ රූපවාහිනී , ගුවන්විදුලි වෙළඳ දැන්වීම් රාශියකට යොදාගෙන තියෙනවා. ගායිකාවක් , ගීත රචිකාවියක් , හඬකැවීම් ශිල්පිනියක් , සංවර්ධන දේශකවරියක් විදිහට වැඩ කරන Karen 2002 වසරෙදි ඉතා සුවිශේෂී හඬ පරීක්ෂණයකට සහභාගී වෙන්න අවස්ථාව ලැබුණා.

”ඒ අවස්ථාව මට ගොඩක් සුවිශේෂී අවස්ථාවක්. තෝරාගැනීමේ පරීක්ෂණයට සහභාගී වෙනකොට මම දැනගෙන හිටියා මම ලෝකය පුරා මෝටර් රථ මිලියන ගණනක හඬ පද්ධතිය වෙනවා කියලා. ඒකට පැය 50 ක පටිගත කිරීමක් කරා. ඊට පස්සෙ GPS වචන කථන පද්ධතියට තෝර ගත්තා”

Karen Jacobsen කියා සිටියෙ ඒ වගේ කතාවක්.

Karen වයස අවුරුදු දෙකක පිරිමි දරුවෙක්ගෙ අම්මා කෙනෙක්. ඒ වගේම ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගත කරනවා. Karen ව මීට කලින් ඔබ නොදන්නවා වුණත් Karen කියන විදිහට ලෝකයේ හැම කෙනෙක්වම ඇය හදුනගෙන තියෙනවා.

”මම කාවහරි මුණගැසුනම මට හිතෙනවා මම ඒ අයව දැනටමත් අදුනනවා කියලා”

Karen මාර්ග උපදෙස් සහ මාර්ග දිශා ගැන ග්‍රන්ථ දෙකක් රචනා කරලා තියෙනවා. Travel The World wity the GPS girl කියන රූපවාහිනී වැඩසටහනෙන්ද ඇය රසිකයන් අතරට පැමිණෙනවා. ඇගේ හඬට ඇය මේ වෙනකොට සම්මාන රාශියක් ලබාගෙන තියෙනවා.

”ඔයාට පාරක් මඟහැරුණොත් ආයෙ හැරිලා එන්න ඔයාට පුළුවන්. ඒත් ජීවිතය මඟහැරුණොත් නැවත හැරිලා එන්න හැකියාවක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම පරිස්සමින් වාහන පදවගන්න වගබලාගන්න”

ඒ තමයි ඔබේ වාහනයෙ ඔබත් එක්ක ගමන් කරන ඔබේ සහායිකාව Karen ගේ ආදරණීය මතක් කිරීම.


News Articles
Latest Videos
Most Popular Post