News Line| Off Air| Games
Generic placeholder image

Sep
7

කෝලිගේ අකීකරු වැඩ නවතී, මාස 5 කට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නෑ.

21093 Views


කෝලිගේ අකීකරු වැඩ නවතී, මාස 5 කට ශ්‍රී ලංකාවේ ක්‍රිකට් නෑ.

එක දිගටම ඉන්දියාවට පැරදුනත් T 20 Match එකවත් අපි දිනාවි කියන බලාපොරොත්තුව ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ හිතේ තිබුනා. ඒ නිසාමයි මේ දවස්වල තියෙන අයහපත් කාලගුණය ගැනවත් හිතන්නේ නැතුව, සැලකිය යුතු ක්‍රීඩා ලෝලීන් පිරිසක් ඊයේ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයට ඇවිත් හිටියේ. match එක පටන් ගත්තේ විනාඩි 40ක් පරක්කු වෙලා.

මේ පාර කාසියේ වාසිය දිනා ගත්ත ඉන්දීය නායක විරාත් කෝලි මුලින්ම පන්දු රකින්න තීරණය කරා. මොකද වර්ෂාව නිසා හතරේ සීමාව ආසන්නයේ තෙතමනය ටිකක් වැඩියි. ඉතින් හතරේ සීමාවේදී පන්දුවේ වේගය අඩාල වෙන නිසා ඒ වාසිය ගන්නයි කෝලි එහෙම කරේ. ඒ වෙලාවේ තරංග Toss එක දිනුවත් කරන්නේ ඒ දේමයි.

කොහොම වුනත් කොලිගේ ඒ තීරණයට අභියෝග කරමින් ලංකා පිතිකරුවෝ හතරේ සීමාවට උඩින් නිතරම පහර එල්ල කරන්න උත්සාහ ගත්තා. ඒ කලබලේ නිසා කඩුලු එක දිගට බිද වැටුනත් ලංකා ලකුණු පුවරුව ඉක්මනට ඉහල ගියා. ශ්‍රී ලංකා කණ්ඩාය ම වෙනුවන ලොකු මෙහෙයක් කරපු දිල්ශාන් මුණවීර ලකුණු 53යි. ඒ ඔහුගේ මංගල විස්සයි විස්ස අර්ධ ශතකය. එතකොට මංගල තරගය ක්‍රීඩා කරපු අශාන් ප්‍රියන්ජන් ලකුණු 40ක් රැස් කරේ බොහොම ඉවසිල්ලෙන්. කලින් ඛේත්තාරාමේ තිබුණු එක්දින තරග 2ට වඩා වැඩි ප්‍රේක්ෂකයි පිරිසක් ඊයේ ඇවිත් හිටියා. කාලෙකට පස්සේ ඔවුන් ඊයේ ශ්‍රී ලංකා ඉනිම දිහා බලල සතුටු වෙන්න ඇති.

එත් ඒ සතුට වැඩි වෙලාවක් තියාගන්න ඉන්දියාව ඉඩ දුන්නේ නැහැ. ශ්‍රී ලංකාව ලබා ගත්ත ලකුණු 170ට පිළිතුරු විදිහට ඉන්දියාව පන්දු 5ක් ඉතිරිව තියෙද්දී කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රහණය වාර්තා කරේ හරිම ලේසියෙන්. ආයිත් පාරක් විරාත් කෝලි ලංකාවට එරෙහිව අකීකරු වෙමින් ලකුණු 82ක් රැස් කරගත්තා. ඔහුට අපුරු සහයක් මනිෂ් පාන්ඩේ ගෙන් ලැබුනා. තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා කරපු පාන්ඩේත් අර්ධ ශතකය සම්පුර්ණ කරගත්තා. ඒ ගහපු ගැහිල්ලට ලංකාව 200ක් ගහලා තිබුනත් ඉන්දියාව ඒ ඉලක්කය සම්පුර්ණ කරගන්නවා කියලයි කොලිගේ ඉනිම දිහා බැලුවම අපිට හිතුනේ.

කොහොම වුනත් දින 50කට වැඩි කාලයක් පුරා හිතුවක්කාර ඉන්දියානු කණ්ඩායමෙන් බැටකාපු අමිහිරි තරගාවලිය ඊයෙන් නිමාවුනේ ඉතිහාසයේ තද කළු පැල්ලමක් සටහන් කරගෙන. ආයිත් මේ අවුරුද්දේ ලංකාවේදී අන්තර්ජාතික තරග පැවැත්වෙන්නේ නැහැ. ලබන අවුරුද්ද මුල තමයි ආයිත් අපිට ක්‍රිකට් බලන්න වෙන්නේ. ඒ කොහොම වුනත් තව සති කිහිපයකින් ලංකාව ඩුබායි යනවා. ඒ පාකිස්ථානය එක්ක තරගාවලියකට සහභාගී වෙන්නයි. එහෙනම් කෝලි ටටා බායි. පරිස්සමින් යන්න. ආයිත් නාවට කමක් නැහැ. ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට දැන් ඉතින් කියන්න තියෙන්නේ ඔච්චර තමයි.


News Articles
Latest Videos
Most Popular Post