News Line| Off Air| Games
Generic placeholder image

Sep
26

“තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා.” – මැතිව්ස්ගේ ලිපියට මහේලගෙන් සැර කතාවක්.

5999 Views


“තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා.” – මැතිව්ස්ගේ ලිපියට මහේලගෙන් සැර කතාවක්.

මේ දවස්වල ලංකාවේ ක්‍රිකට් නිතර උණුසුම් පුවත් මවනවා. ඒ ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවත් කිරීම ගැන. හිටපු ක්‍රිකට් නායක මහේල ජයවර්ධනත් ඒ ගැන twitter පණිවිඩයක් තියලා තියෙනවා.

ක්‍රීඩාවට වඩාත් සුදුසු තීරණ හැඟීම්බරව ගන්න හොඳ නෑ කියලා තමයි මහේල සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමන්ගේ කුණු ප්‍රසිද්ධියේ හෝදන්න එපා කියලත් මහේල අවවාදයක් දීලා තියෙනවා.

“පහුගිය දවස් කිහිපයේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල සිදුවුන දේවල වලට ප්‍රතිචාර දැක්වීම දුෂ්කර දෙයක්. එක දෙයක් තමයි ඔබේ කුණු තැවරුණ ඇඳුම් කිසිම දිනයක ප්‍රසිද්ධියේ හෝදන්න එපා. හැඟීම්බර තීරණ හැමවෙලේම නිවැරදි වෙන්නේ නෑ. හොඳම දේ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් වලට වඩාත් සුදුසු කුමක්ද කියලා තීරණ ගන්න එක සහ හැඟීම්බර තීරණ නොගන්න එක” කියලයි මහේලගේ twitter සටහනේ තියෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post