News Line| Off Air| Games
Generic placeholder image

Jan
26

මාලිංග ලංකාවට ගෙනාව සුපිරි කාර් එකට සිද්ධ වුණ දේ මෙන්න. – Exclusive

3943 Views


මාලිංග ලංකාවට ගෙනාව සුපිරි කාර් එකට සිද්ධ වුණ දේ මෙන්න. – Exclusive

ලසිත් මාලිංග කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ බිහිවුණ දක්ෂ පන්දු යවන්නෙක්. කාලයක් ලෝකයේ අංක එකේ පන්දු යවන්නා මාලිංග. එ් දවස්වල මාලිංගගේ යෝකර් බෝලයෙන් කඩුල්ල බේර ගන්නවට වඩා පිතිකරුවෝ උත්සහ කරේ කකුල නොකැඩී බේර ගන්න.

හැබැයි ක්‍රිකට් අායතනයේ වැරදි පෙන්නල දීපු නිසා මාලිංගව ලොකු කැපිල්ලකට අහුවෙලා ඉන්නේ. අායේ මාලිංගට ක්‍රිකට් ගහන්න දෙනනේ නෑ කියලා සමහර ක්‍රිකට් බලධාරීන් වහසි බස් කියලා තිබ්බා. හැබැයි එ්කෙන් මාලිංගට වඩා පාඩුව වුනේ රටට.

පහුගිය දවසක මාලිංග අලුත්ම BMW i8 රථයක් ලංකාවට ගෙනාවා. ඒ ගැන සමාජ මාධ්‍ය සැහෙන්න කතා කරා. හැබැයි ටික දවසකින් මාලිංග වාහනය ගරාජ් එකට දැම්මා. එ් වෙන මොහොකටවත් නෙවෙයි වාහනයේ පාට වෙනස් කරන්න.

සාමාන්‍යයෙන් BMW i8 එකක් සුදු සහ කළු වර්ණයෙන් තමයි එන්නේ. මාලිංග ගෙනාපු වාහනය සුදු පාටයි. හැබැයි i 8 එක කොළ පාට කරොත් මීට වඩා පෙනුමක් එයි කියලා හිතපු මාලි, වහනය කොළ පාට කරලා අද ගෙදර ගෙනාවා.

මේ තියෙන්නේ පාට වෙනස් කරපු මාලිංගගේ අලුත්ම BMW i8 එකේ ඡායාරූප.

මේ තියෙන්නේ පාට වෙනස් කරන්න කලින් i 8 එක

මේ තියෙන්නේ අද මාලි කාර් එක අරං ගෙදර ගිය හැටි.


News Articles
Latest Videos
Most Popular Post