News Line| Off Air| Games
Generic placeholder image

Jul
12

කාසියේ වාසිය දිනූ ලංකාව පිත්ත අතට ගනී. ගාලු පිටියේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

524 Views


කාසියේ වාසිය දිනූ ලංකාව පිත්ත අතට ගනී. ගාලු පිටියේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පළවෙනි ටෙස්ට් තරඟය අද ආරම්භ වුණා. ඒ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී. නායක සුරංග ලක්මාල් කාසියේ වාසිය දිනා ගත්තා. ඒ අනුව ඔහු පිත්ත අතට ගන්න තීරණය කරා.

අද තරඟයට ලංකාව සහභාගී වෙන්නේ බාධක රැසක් මැද්දේ. ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නිත්‍ය නායක චන්දිමල්, ප්‍රධාන පුහුණුකරු හතුරුසිංහ සහ කළමනාකරු ගුරුසිංහ නැතුව තමයි ලංකාව අද පිටියට එන්නේ. ඒ නිසා මේ තරඟයේ සම්පූර්ණ බර කණ්ඩායමේ කර මතට වැටිලා තියෙනවා.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මීට කලින් ටෙස්ට් තරඟ 26 කදී මුණගැහිලා තියෙනවා. ඉන් 14 ක් දකුණු අප්‍රිකාව දිනද්දී ලංකාව ජයග්‍රහණය කරන්න පුළුවන් වෙලා තියෙන්නේ තරඟ 5 ක් විතරයි. අවසන් වතාවට ලංකාව දකුණු අප්‍රිකාවට එරෙහිව තරඟාවලියක් ජයග්‍රහණය කරලා තියෙන්නේ 2006 දී. ඒ අවුරුදු 12 කට කලින්.

ඒ වගේම දකුණු අප්‍රිකාවට එරෙහිව අවසන් වතාවට ටෙස්ට් තරඟයක් දිනලා තියෙන්නේ 2011 දී. අවුරුදු 7 ක් ලබා ගන්න බැරිවුන ජයක් හොයාගෙන තමයි ලංකාව අද පිටියට එන්නේ. 2017 දී දකුණු අප්‍රිකාව සමඟ ලංකාවේ තිබ්බ තරඟ 3 ක ටෙස්ට් තරඟාවලිය 3 – 0 ක් විදියට ජය ගන්න දකුණු අප්‍රිකාව සමත් වුණා.

කොහොම වුනත් ගාලු පිටිය සැලකෙන්නේ ලංකාවේ ජයබිමක් විදියට. ගාලු ක්‍රීඩාංගනයේදී ලංකාව සහ දකුණු අප්‍රිකාව තරඟ 3 කදී මුණගැහිලා තියෙනාව. එක තරඟයක් ලංකාව දිනද්දී අප්‍රිකානුවන් එක තරඟයක් දිනලා තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post