News Line| Off Air| Games
Generic placeholder image

Jun
19

ත්‍රීවිල් සහ යතුරුපැදි වලට අර්ජුනගෙන් අලුත් ඉන්ධන වර්ගයක්.

510 Views


ත්‍රීවිල් සහ යතුරුපැදි වලට අර්ජුනගෙන් අලුත් ඉන්ධන වර්ගයක්.

පහුගිය කාලයේ ලංකාවේ ඉන්ධන මිල අහසට නැග්ගා. ඒ නිසා වැඩියෙන්ම බැට කෑවේ ත්‍රීවිල් සහ යතුරුපැදි හිමිකරුවන්. හැබැයි ඔවුන්ට සතුටු වෙන්න පුළුවන් ආරංචියක් අද ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කිව්වා.

ත්‍රීවිල් සහ යතුරුපැදි වලට නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දෙන්න කටයුතු කරනවා කියලා එතුමා සඳහන් කරා. ඒ සඳහා වන තත්ව පරීක්ෂණය මේ වන විට සාර්ථකව සිදු කෙරෙමින් පවතිනවා.

‘‘පහුගිය කාලේ අපිට පෙට්රල්, ඩීසල් සහ ලාම්පු තෙල්වල මිල වැඩි කරන්න එයින් මහජනතාවට සිදුවන පීඩාව ගැනත් අපිට අවබෝධයක් තියෙනවා. නමුත් අපි දැන් අලූත් විදියට සිතමින් වෙනත් ක්‍රමවලින් මහජනතාවට සහනයක් ලබා දෙන්නේ කෙසේද යන්න ගැන මේ වන විට සොයා බලමින් සිටිනවා. ඒ අනුව ආර්ථික සහනයක් ලබාදිය හැකි සේ ත්‍රීරෝද රථ සහ යතුරුපැදි ඉලක්ක කර නව පෙට්ට්‍රල් වර්ගයක් හඳුන්වා දීමට අපි මේ වන විට අත්හදා බලමින් සිටිනවා” කියලා අමාත්‍යවරයා සඳහන් කරා.


News Articles
Latest Videos
Most Popular Post