News Line| Off Air| Games
Generic placeholder image

Mar
20

එජාප නායකත්වට අනුප්‍රාප්තිකයෙක්. තවත් 4 දෙනෙක්ට උප නායක තනතුරු. පක්ෂය ඇතුලේ වෙන අලුත්ම පෙරළිය මෙන්න.

1695 Views


එජාප නායකත්වට අනුප්‍රාප්තිකයෙක්. තවත් 4 දෙනෙක්ට උප නායක තනතුරු. පක්ෂය ඇතුලේ වෙන අලුත්ම පෙරළිය මෙන්න.

එජාපයේ මැති ඇමතිවරු පහුගිය කාලයේ කියපු දෙයක් තමයි පක්ෂය ප්‍රතිසංවිධානය කරන්න ඕන කියන එක. ඒ නිසා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ වෙන්න ඕන වෙනස්කම් හොයන්න කමිටුවක් පත් කරා. මේ වගකීම බාර වුණේ රුවන් විජයවර්ධන මහතාට. ඔහු අද කමිටු වාර්තාව අගමැතිතුමාට බාර දුන්නා.

ඒ වාර්තාවෙන් රනිල් වික්‍රමසිංහ මහතාට පස්සේ පක්ෂ නායකත්වයට අනුප්‍රප්තිකයෙක් පත් කරන්න කියලා නිර්දේශ කරලා තියෙනවා. ඒ වගේම එජාපයට උප නායක ධූර 5 ක් පත් කරන්න කියලත් නිර්දේශ කරලා තියෙනවා. මංගල සමරවීර, රංජිත් මද්දුම බණ්ඩාර, සරත් ෆොන්සේකා සහ තලතා අතුකෝරල යන ඇමතිවරුන්ට වැඩි බලතල ලැබෙන්න නියමිතයි.

පාක්ෂිකයන්ට එජාපයේ අනාගතය ගැන පැහැදිලි අදහසක් දෙන්න ඕන කියලයි රුවන් විජයවර්ධන වාර්තාවේ සඳහන් වෙලා තියෙන්නේ. ඒ වගේම එජාපයේ මහා ලේකම් ධූරයට දේශපාලනඥයෙක් නොවන කෙනෙක් පූර්ණ කාලීනව වැඩ කරන්න පත් කරන්න නියමිතයි. කමිටුවේ නිර්දේශ ලබන 22 දා තියෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කරන්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post