News Line| Off Air| Games
Generic placeholder image

Dec
14

පළාත් කිහිපයකට අදත් වැසි

501 Views


පළාත් කිහිපයකට අදත් වැසි

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල දිස්ත්‍රික්කයේත් අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

එසේම, ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වලත්, යාපනය, මුලතිව්, කිලිනොච්චි සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලටත් සිහින් වැසිවාර ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසුවා.

මේ අතර, පසුගිය දිනවල ඇති වූ අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් එක්ලක්ෂ 61,420 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post