News Line| Off Air| Games
Generic placeholder image

Oct
30

පී.සී.ආර්. කරන මුවාවෙන් නිවසක් කොල්ල කාලා

364 Views


පී.සී.ආර්. කරන මුවාවෙන් නිවසක් කොල්ල කාලා

පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යැයි පැවසූ පිරිසක් නිවසක් කොල්ල කෑ සිද්ධියක් මහව, කැත්තපහුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

තිදෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම තමන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බවත්, පී.සී.ආර් පරීක්ෂණ කිරීමට පැමිණි බවත් අදාළ නිවැසියන්ට පවසා ඔවුන්ට යම්කිසි ද්‍රවයක් පානය කිරීමට දී තිබුණා.

ඉන් නිවැසියන් සිහි විසඥ වී තිබූ අතර කොල්ලකරුවන් නිවසේ තිබූ රන් භාණ්ඩ තොගයක් සොරාගෙන පළා ගොස් තිබෙනවා.

අනතුරුව නිවැසියන් යථා තත්ත්වයට පත් වීමෙන් පසුව කළ සොයා බැලීමේදී නිවසේ තිබූ රන් භාණ්ඩ නොමැති බවට අනාවරණය කරගෙන තිබුණා.

පසුව ඔවුන් සිද්ධිය සම්බන්ධයෙන් මහව පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක බවයි නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ.


News Articles
Latest Videos
Most Popular Post