News Line| Off Air| Games
Generic placeholder image

Jun
15

උපරිම චැනල් ගාස්තුව 2000 යි. අඩුම විනාඩි 10 ක් ලෙඩාව බලන්න ඕන. පෞද්ගලික රෝහල් වලට එන අලුත්ම නීති රීති මෙන්න.

1339 Views


උපරිම චැනල් ගාස්තුව 2000 යි. අඩුම විනාඩි 10 ක් ලෙඩාව බලන්න ඕන. පෞද්ගලික රෝහල් වලට එන අලුත්ම නීති රීති මෙන්න.

සාමාන්‍යයෙන් ඉතින් පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න නම් අතේ යහමින් සල්ලි තියෙන්න ඕන. නැත්නම් ඉතිං ගෙවල් දොරවල් උකස් තියන්න තමයි වෙන්නේ. ඒ නිසා පෞද්ගලික රෝහල්වලට අලුත් නීති රීති කිහිපයක් පනවලා තියෙනවා.

පුද්ගලික රෝහල්වල වෛද්‍යවරුන් චැනල් කිරීමේ දී රෝගීන්ගෙන් අය කළ හැකි උපරිම චැනල් ගාස්තුව රුපියල් 2,000 කට සීමා කරලා තියෙනවා. ඒ වගේම වෛද්‍යවරයෙකු විසින් රෝගියාව අවම කාලසීමාව මිනිත්තු 10 ක් වත් පරීක්ෂා කරන්න ඕන.

ඊයේ තිබ්බ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව සඳහන් කරා. “වැට් එක ගැහුවාම රෝහල්වලින් ඒ කොටස දානවා රෝගියාට. රෝගියාට මේක දරාගන්න බැරි වුණොත් ඒ ඔක්කොම රෝගීන් එන්නේ රජයේ රෝහල්වලට. අන්තිමට වෙන්නේ ආර්ථික වශයෙන් බැලුවොත් ඊට වඩා මුදලක් වැඩිපුර වියදම් වෙනවා, වැට් එක ගැනීමෙන් ලැබෙන ලාභයට වඩා මුදලක්.“ කියලයි එතුමා වැඩිදුරටත් කිව්වේ.


News Articles
Latest Videos
Most Popular Post