News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

909 Views


විදේශිය දුම්වැටි තොගයක් රේගුවේදි අල්ලයි

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු අද(21) දින අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසුවා.

මොවුන් කොළඹ , අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි අයෙකු වන අතර ඔවුන්ගෙන් එක් අයෙකු ත්‍රිරෝද රථ රියැදුරෙකු වන අතර , අනෙක් පුද්ගලයා රැකියා විරහිතව සිටින පුද්ගලයෙකි.

ඔවුන් අද දින අලුයම 5.00ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණා.

මොවුන් දෙදෙනා සිය ගමන් මලු වල රුපියල් විසිනව ලක්ෂ හතලිස් දහස් තුන් සීයයක් වටිනා ඩුබායි හි නිෂ්පාදිත ටොප් මවුන්ටන් සහ ගෝල්ඩ් ලීෆ් වර්ගයේ දුම්වැටි 53,460ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබූ බව රේගුව සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post