News Line| Off Air| Games
Generic placeholder image

Oct
28

ෂරියා විශ්වවිද්‍යාලයට වෙන්න යන දේ

279 Views


ෂරියා විශ්වවිද්‍යාලයට වෙන්න යන දේ

මඩකලපුව, පූනානි ප්‍රදේශයේ පිහිටි ෂරියා විශ්වවිද්‍යාලය අද සිට කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත්කර තිබෙනවා.

ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මතයි.

පොළොන්නරුව මහරෝහල මගින් එහි පරිපාලන කටයුතු සිදු කෙරෙන අතර වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය යොදවා ඇත්තේ ද එම රෝහල මගින්.

රෝගීන් 1200කට පමණ මෙහි ප්‍රතිකාර කිරීමේ හැකියාව පවතිනවා.

ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කටයුතු නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර එම අවස්ථාවට පොළොන්නරුව දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ, විශේෂඥ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post