News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු අත්හිටුවයි

518 Views


තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු අත්හිටුවයි

තැපැල් දෙපාර්තමේන්තුවේ සියලූම සේවකයන්ගේ නිවාඩු වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා. තැපැල් අමාත්‍ය එච් එම් හලීම් මහතා මාධ්‍ය හමුවක් කැදවමින් කියා සිටියේ තැපැල් වෘත්තීය සමිති දිවයින පුරා ක‍්‍රියාත්මක කර ඇති වර්ජනයත් සමග තැපැල් කටයුතු වල සිදුව ඇති ගැටළු වලක්වා ගැනීම සඳහා එම පියවර ගත් බවයි. ඒ අනුව වර්ජනයේ නිරත සියලූම තැපැල් වෘත්තිකයන් වහාම සේවයට වාර්තා කල යුතු බව අමාත්‍යවරයා සදහන් කලා

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කල වැඩ වර්ජනය අද දිනයේදීත් ක‍්‍රියාත්මකයි. ඒකාබද්ධ තැපැල් සේවා වෘත්තීය සමිති පෙරමුණේ කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ තම ගැටලූ වලට අවසන් විසදුමක් ලබා දීමට බලධාරීන් විසින් මේ වන තෙක් කටයුතු නොකිරීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි.

වර්ජනය හේතුවෙන් දිවයින පුරා පිහිටි තැපැල් කාර්යාල 654ක, උපතැපැල් කාර්යාල 3 410ක සහ පාලන කාර්යාල 100කට අධික ප‍්‍රමාණයක සියලූ දෛනික කටයුතු ඇණහිට තිබෙනවා. ඒ අනුවමේ වන විට මධ්‍යම තැපැල් හුවමාරුවේ ලක්ෂ 2 කට අධික ලිපි සංඛ්‍යාවක් සිර වී ඇති බවටයි වාර්තා වන්නේ.

බඳවා ගැනීම් ගැටලුවක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති මෙම අඛණ්ඩ වැඩ වර්ජනයට අවතීර්ණ වී සිටින්නේ පසුගිය 11 වනදා සිටයි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Sithara Athukorala


News Articles
Latest Videos
Most Popular Post