News Line| Off Air| Games
Generic placeholder image

Jun
21

තැපැල් වර්ජනය සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනෙයි

379 Views


තැපැල් වර්ජනය සඳහා දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනෙයි

තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනය සඳහා අද දිනයේදී තැපැල් දෙපාර්තමේන්තුවෙන් පරිබාහිර සේවකයන්ද එක් කර ගැනීමට කටයුතු යොදා ඇති බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එහි කැදවුම්කරු චින්තක බණ්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ සිය ගැටලූවට ස්ථීර විසඳුමක් ලබා දෙන තෙක් වර්ජනය අඛණ්ඩව ක‍්‍රියාත්මක කරන බවයි. බඳවා ගැනීම් ගැටලූවක් මුල් කර ගනිමින් තැපැල් වෘත්තීය සමිති ආරම්භ කර ඇති වැඩ වර්ජනය අද ක‍්‍රියාත්මක වන්නේ 11 වන දිනටයි.

වර්ජනයේ නිරත තැපැල් වෘත්තීය සමිති ඊයේ පස්වරුවේ දී ද තැපැල් බලධාරීන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අතර එමගින්ද තමන් වෙත විසදුමක් නොලැබුණු බවයි චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේ. තැපැල් වෘත්තීය සමිති මෙම වර්ජනයට අවතීර්ණ වුයේ පසුගිය 11 වනදායි.

SIYATHA FM MORNING NEWS | 06:30 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post