News Line| Off Air| Games
Generic placeholder image

May
21

ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ දිය පහරකට හසු වූ පුද්ගලයා සොයා මෙහෙයුම්.

555 Views


ගාල්ල, හිනිදුම ප්‍රදේශයේ දිය පහරකට හසු වූ පුද්ගලයා සොයා මෙහෙයුම්.

ගාල්ල හිනිදුම ප‍්‍රදේශයේ දියපහරට හසුවු පුද්ගලයා සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ නාවික හමුදාව, පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් විසින්.

පොලීසිය පැවසුවේ අදාල පුද්ගලයා අද පෙරවරුවේ දිය පහරේ මසුන් ඇල්ලීමට ගිය අවස්ථාවේදී ඔහු ගසා ගෙන ගොස් ඇති බවයි. අදාල පුද්ගලයා මේ වන තෙක් සොයා ගෙන නැහැ. එලෙස අතුරුදන්ව ඇත්තේ හිනිදුම හබරකඩ ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

මේ අතර ඇදහැලෙමින් පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් මේ වන විට හංවැල්ල නිට්ටඹුව ප‍්‍රධාන මාර්ගයේ පූගොඩ ප‍්‍රදේශය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවී තිබෙනවා. අප ප‍්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ ඒ හේතුවෙන් වාහන ගමනාගමනයට දැඩි බාධා එල්ල වී ඇති බවයි.

මේ අතර නිල්වලා ගග, කලූ ගග, ගිං ගග, කැළණි ගග සහ අත්තනගලූ ඔය යන ජලාශ වල ජල මට්ටම් තවදුරටත් ඉහල යාම හේතුවෙන් ඒ ආශ‍්‍රිත ජනතාව දැඩි අවධානයෙන් සිටින ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය දැනුම් දෙනවා.

SIYATHA FM TOP STORY | 02:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post