News Line| Off Air| Games
Generic placeholder image

May
21

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 07 දෙනෙකු දක්වා ඉහළට

558 Views


අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 07 දෙනෙකු දක්වා ඉහළට

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව මේ වන විට 7 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පැවසුවේ අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට දිවයින පුරා පවුල් 3,438 කට අයත් පුද්ගලයන් 13,314 ක් පීඩාවට පත්ව ඇති බවයි. ඉන් පවුල් 285 කට අයත් පුද්ගලයන් 1,024 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 20 ක රඳවා ඇති බව එම මධ්‍යස්ථානය ප‍්‍රකාශ කලා.

අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් ඇති වූ පස්කදු කඩා වැටීම් හේතුවෙන් එක් නිවාසයක් පූර්ණ හානියට ලක්ව ඇති අතර ආපදා තත්වය හේතුවෙන් අර්ධ හානියට ලක්ව ඇති නිවාස සංඛ්‍යාව 173 ක්.

මේ අතර අයහපත් කාලගුණ තත්වය හමුවේ හදිසි ආපදා තත්වයක් ඇති වුවහොත් සහය ලබා දීම සදහා ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ විශේෂ කණ්ඩායම් සූදානම් කර තිබෙනවා.

නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක දිනේෂ් බන්ඩාර මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ නාවික හමුදාවේ විශේෂ කණ්ඩායම් 30 ක් සහය ලබා දීමේ කටයුතු සදහා යොදවා ඇති බවයි. එම කණ්ඩායම් මේ වන විට අදාල ප්‍රදේශ වෙත යොමු කර ඇති බව ඔහු සඳහන් කලා.

මේ අතර ත‍්‍රිවිධ හමුදා හදිසි මෙහෙයුම් අධ්‍යක්ෂක අතුල ආරියරත්න මහතා සියත ප‍්‍රවෘත්තී වෙත සදහන් කලේ අවශ්‍ය ඕනෑම හදිසි අවස්ථාවක සීමාවකින් තොරව යුධ හමුදාව අවශ්‍ය තරම් යෙදවීමට කටයුතු යොදා ඇති බවයි. මේ වන විටත් අදාල නිලධාරීන් සහන සැලසීමේ කටයුතු වල නිරත වෙමින් සිටින බව ඔහු ප‍්‍රකාශ කලා.

 

SIYATHA FM TOP STORY | 04:00 PM | Editor : Amila Udaraka


News Articles
Latest Videos
Most Popular Post