News Line| Off Air| Games
Generic placeholder image

Jan
17

කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

781 Views


කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන් කියන කතා මෙන්න.

මේ දවස්වල ගමේ ඡන්දෙට අපේක්ෂකයෝ හරි හරියට වැඩ. ගමට කරන්න ඉන්න වැඩ ටික ප්‍රචාරය කර ගන්න තමයි ගොඩක්ම වෙහෙසෙන්නේ. එත් දැන් තියෙන නීති රීති එක්ක ඒක නම් ලේසි වැඩක් නෙවෙයි.

හැබැයි ඔබේ මැතිවරණ ප්‍රකාශයට තැනක් දෙන්න සියත FM සූදානමින් ඉන්නවා. සියත FM ප්‍රවෘත්ති විකාශයේදී ගම හදන ඔබේ සැලැස්ම රටටම කියන්න අපි අවස්ථාවක් දෙනවා. එ් සියත FM ප්‍රවෘත්ති අංශයේ “අපේක්ෂකයා” වැඩසටහන හරහා. උදෑසන 6:30 සහ හවස 6:00 ට තියෙන සියත FM ප්‍රවෘත්ති වලට පස්සේ “අපේක්ෂකයා” වැඩසටහන විකාශය වෙනවා.

“අපේක්ෂකයා” වැඩසටහනේ පළවෙනි අවස්ථාව ලැබුණේ කොළඹ මහ නගර සභාවේ අපේක්ෂකයන්ට. එක්සත් ජාතික පක්ෂයේ ටයිටස් පෙරේරා, එක්සත් ජනතා නිදහස් සංධානයේ දීපා එදිරිසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ රනිල් ජයසේන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මිලින්ද රාජපක්ෂ අද “අපේක්ෂකයා” ඔස්සේ අදහස් දැක්වූවා.

ඔබත් මේ සැරේ පළාත් පාලන ඡන්දයේ අපේක්ෂකයෙක්ද? එහෙනම් ඔබටත් අවස්ථාවක් දෙන්න අපි සූදානම්. ඔබට කරන්න තියෙන්නේ 011 521 9350 අංකයෙන් අපේ ප්‍රවෘත්ති අංශයට කතා කරන්න.

ඔබේ ගමේ අපේක්ෂකයාගේ ගම හදන සැලසුම් දැන ගන්න ඔබත් දිනපතා සියත FM ප්‍රවෘත්ති විකාශය අහන්න. එ් වගේම තමයි “කියන්නා කෙසේ කීවත් අසන්නා ඔබයි.”

https://youtu.be/E23PZj4-il4


News Articles
Latest Videos
Most Popular Post