News Line| Off Air| Games
Generic placeholder image

Aug
15

දුම්රිය වෘත්තීය සමිති වලින් රතු එළියක්.

500 Views


දුම්රිය වෘත්තීය සමිති වලින් රතු එළියක්.

වර්ජනයේ නිරත වූ දුම්රිය සේවකයින්ගේ වැටුප් ගැටලූ‍ව 21 වැනිදා මධ්‍යම රාත‍්‍රී 12 ට පෙර විසඳිය යුතු බව දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සඳහන් කළේ වැටුප් ගැටලූ‍ විසඳීමට කැබිනට් මණ්ඩලය යම් තීරණ ගෙන තිබුණත් සමස්ත රාජ්‍ය සේවාවේම ගැටලූ‍ විසඳීම පිළිබඳ වැඩි අවදානයක් යොමුව ඇති බවයි.

සමස්ත රාජ්‍ය සේවාවේම වැටුප් විෂමතා ඉවත් කරන තෙක් සිටීමට හැකියාවක් නොමැති බව ද එම සංගමය කියා සිටියා.

21 වනදා වන විට ගැටලූ‍ විසඳීමට කටයුතු නොකළහොත් එදින මධ්‍යම රාත‍්‍රී 12 සිට යළි වැඩ වර්ජනයේ නිරත වන බවයි දුම්රිය එන්ජින් රියැදුරන්ගේ සංගමය ප‍්‍රකාශ කලේ.

රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කිරීම සහ දුම්රිය සේවාව ඇතුලූ‍ වැටුප් විෂමතා පවත්නා සේවාවන් පිලිබදව සොයා බලා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ වැටුප් කොමිසමක් පත් කලේ ඊයේ දිනයේදීයි.

වැටුප් විෂමතා ඉවත් කරන්නැයි ඉල්ලමින් දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පසුගිය 08 වනදා සිට වර්ජනයක නිරත වුණා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් පාලකවරුන් නියාමකවරුන් හා රියදුරන් ඊට අයත්.

ජනාධිපතිතුමා සමග පැවති සාකච්ඡුාවකින් අනතුරුව පසුගිය 12 වනදා වර්ජනය අත්හිටුවනු ලැබුවා.

Siyatha Top Story | 02:00 PM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post