News Line| Off Air| Games
Generic placeholder image

Jun
14

හිටපු අගවිනිසුරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

480 Views


හිටපු අගවිනිසුරු ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය ප‍්‍රතික්ෂේප කරයි

හිටපු අගවිනිසුරු සරත්. එන්. සිල්වා මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීන්දුවක් මත විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා

සරත්. එන්. සිල්වා මහතා මෙම පෙත්සම ගොනු කලේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත පාර්ලිමේන්තුව මඟින් සම්මත කළ ආකාරය නීති විරෝධී යැයි ප‍්‍රකාශ කරන මෙන් ඉල්ලමින්

එහි දක්වා තිබුනේ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත ජනමත විචාරණයකට යොමු නොකොට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡුන්දයකින් සම්මත කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවයි

එහෙත් එම පෙත්සමට එරෙහිව මූලික විරෝධතා මතු කළ නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයක් අදාළ පනත් කෙටුම්පත දැනටමත් පාර්ලිමේන්තුවේ සම්මත වී ඇති නිසා එය අධිකරණ හමුවේ ප‍්‍රශ්න කළ නොහැකි බව සඳහන් කලා

ඒ අනුව එම පෙත්සම සලකා බැලූනේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලූ‍විහාරේ සහ නලින් පෙරේරා යන ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ යි

පුද්ගල විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ තීරණය මත පෙත්සම විභාගයට නොගෙන ප‍්‍රතික්ෂේප කරන බවයි එහි තීරණය ප‍්‍රකාශයට පත් කළ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් මහතා විවෘත අධිකරණයේ සඳහන් කළේ

Siyatha Top Story | 11:00 AM | Editor : Nayomi Karunasinghe


News Articles
Latest Videos
Most Popular Post