News Line| Off Air| Games
Generic placeholder image

Oct
13

දෙවෙනි එක්දින තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

708 Views


දෙවෙනි එක්දින තරඟයේ වැඩි වාසි කාටද? විශ්ලේෂණාත්මක වාර්තාව මෙන්න.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර දෙවෙනි එක්දින තරඟය අද පැවැත්වෙනවා. ඒ දඹුල්ල ක්‍රීඩාංගණයේදී. උදේ 10,30 ට තරඟය ආරම්භ වෙන්න නියමිතයි. ඊට කලින් අද තරඟයේ වැඩි වාසි කාටද කියලා අපි හොයලා බැලුවා.

මීට කලින් ශ්‍රී ලංකාව සහ එංගලන්තය අවස්ථා 6 කදී දඹුල්ලේදී සටන් වැදිලා තියෙනවා. ඉන් තරඟ 3 ක් ම ජයග්‍රහණය කරලා තියෙන්නේ ශ්‍රී ලංකාව. එංගලන්තය තරඟ 2 ක් ජයග්‍රහණය කරද්දී එක තරඟය අතහැර දමලා තියෙනවා.

දඹුල්ල තරඟ ඉතිහාසය දෙස බැලුවාම දෙවෙනියට පන්දුවට පහර දුන්න කණ්ඩායමට වැඩි වාසි අත්වෙලා තියෙන බවක් පේනවා. කොහොම වුනත් මේ දවස්වල තියෙන වැසි තත්වය නිසා කාසියේ වාසිය දිනා ගැනීම ඉතාම වැදගත්.

මේ සියලුම කරුණු සලකා බැලීමේදී පේන්නේ හෙට තරඟය ඉතාම තියුණු එකක් වෙයි කියලා.


News Articles
Latest Videos
Most Popular Post