News Line| Off Air| Games
Generic placeholder image

Jan
10

ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයක්

1763 Views


ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 4%ක් දක්වා 2019 වසරේදී වර්ධනය වෙනු ඇති බව ලෝක බැංකුව සඳහන් කරනවා. 2019 වසරේදී ලෝකයේ ආර්ථික තත්ත්වය පිළිබඳව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවක මේ බව දැක්වෙනවා.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් දේශීය ඉල්ලුම, යටිතල පහසුකම් සංවර්ධනය විම හරහා සිදුවන ආයෝජන වර්ධනය හේතුවෙන් මෙසේ ශ්‍රි ලංකාවේ ආර්ථික වර්ධන වේගය ඉහළ යනු ඇතැයි ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් සමස්තයක් ලෙස ලෝක ආර්ථිකය 2019 වසරේදීත් පහළ යනු ඇතැයි ලෝක බැංකුව පුරෝකතනය කරයි. 2018 වසරේදි 3%ක් වූ අර්ථික වර්ධනය 2019 වසරේදී 2.9%ක් දක්වා පහළ යනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

2019 වසරේදී දකුණු ආසියානු ආර්ථික වර්ධන වේගය 7.1%ක් දක්වා වර්ධනය වෙනු ඇති බවත් දකුණු අසියාවේ ඉහළම ආර්ථක වර්ධන වේගය 7.3%ක් ලෙස ඉන්දියාව පෙන්වනු ඇති බවත් ඒම වාර්තාවෙ දැක්වෙනවා.

ඒසේම බංග්ලාදේශ ආර්ථික වර්ධන වේගය 7% ක මට්මක පවතිනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post