News Line| Off Air| Games
Generic placeholder image

Oct
15

එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම බලන්න පිටියට ආ අමුත්තා. – Video

1811 Views


එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම බලන්න පිටියට ආ අමුත්තා. – Video

ලබන බදාදා එංගලන්තය සහ ලංකාව අතරෙ තුන්වෙනි එක්දින තරඟය පැවැත්වෙන්න හැමදේම සූදානම් කරලා තියෙන්නෙ. කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයින් මේ වෙනකොට නුවරට ඇවිත් ඉන්නවා කියලා තමයි වාර්තා වෙන්නෙ. ඒත් මේ කියන්න යන්නෙ ක්‍රිකට් ගැන ආරංචියක් නම් නෙවෙයි.

අද උදේ එංගලන්ත කණ්ඩායම උදේ ග්‍රවුන්ඩ් එකේ ප්‍රැක්ටිස් කරද්දි අමුත්තෙක් ග්‍රවුන්ඩ් එකට ඇවිත් තියෙනවා. ඒ නයෙක්. ඒ කොහොම වුණත් මේ අමුත්තව එතනින් ඉවත් කරන්න ක්‍රීඩාංගණයෙ බලධාරීන් කටයුතු කරලා තියෙනවා. නයාගෙන් කිසිම කෙනෙක්ට අනතුරක් වෙලා නම් නැහැ.

https://www.facebook.com/englandcricket/videos/474133883083940/


News Articles
Latest Videos
Most Popular Post