News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ආපදා අංශයෙන් විශේෂ දැනුම් දීමක්

524 Views


සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට ආපදා අංශයෙන් විශේෂ දැනුම් දීමක්

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන් වෙත අධ්‍යාපන අමාත්‍යංශය සහ ආපදා අංශ විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

අද සහ හෙට මෙන්ම ඉදිරි දිනවලදී අනපේක්ෂිත වැසි සහිත කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බවත්, එම තත්ත්වය තුළ යම් අපහසුතාවක් සිදුවේ නම් ඒ පිළිබඳ වහාම දැනුම් දෙන ලෙසත්, එම නිවේදනයේ සඳහන්.

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වන සිසු සිසුවියන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක් හඳුන්වාදී තිබෙනවා.

ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 හදිසි ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ 0773 957 903, 0773 957 898 සහ 0772 320 530 යන අංක ඇමතීමෙන් විභාග අයදුම්කරුවන්ට පහසුකම් සලසා ගත හැකියි.

ජාතික හදිසි මෙහෙයුම් ඒකකයේ 0772 117 117, 0113 668 032,
0113 668 028 හෝ 0113 668 030 යන දුරකතන අංක ද සාමාන්‍ය පෙළ
සිසු සිසුවියන් වෙනුවෙන් හඳුන්වාදී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post