News Line| Off Air| Games
Generic placeholder image

Dec
14

සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණයක්

3142 Views


සුරාබදු දෙපාර්තමේන්තුවෙන් විශේෂ අධීක්ෂණයක්

ඉදිරි උත්සව සමයේ සුරාබදු බලපත්‍රලත් මත්පැන් අලෙවිසැල් ඇතුළු මත්පැන් සැපයීමේ සමස්ත ක්‍රියාවලිය විශේෂ අධීක්ෂණයකට ලක් කිරීමට කටයුතු කරන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසනවා.

එම කාල සීමාව තුළ දිවයින පුරා සිදුවිය හැකි සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධයෙන් වන වැටලීම් සිදුකිරීමට ද සැලසුම් කර ඇති බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ඒ අනුව අදාළ වැටලීම් උඳුවප් පොහොය දිනයේ සිට ආරම්භ කර ඇති අතර එය ලබන වසරේ ජනවාරි මස 05 වනදා දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

එම වැටලීම් සිදුකිරීම පිළිබඳ සියලු සුරාබදු ස්ථානාධිපතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඒ සඳහා සුරාබදු නිලධාරීන් 900 දෙනෙකු දිවයින පුරා අනුයුක්ත කර ඇති බව සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවා.

එම මෙහෙයුම් අධීක්ෂණය කිරීමේ වගකීම දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන් සහ පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන් හට පවරා දී ඇති බව සඳහන්.

සුරාබදු අපරාධ සම්බන්ධයෙන් වන තොරතුරු 1913 දුරකථන අංකයට යොමුකළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post