News Line| Off Air| Games
Generic placeholder image

Dec
4

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

1734 Views


ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයෙන් අන්තර්ජාල පරිශීලකයන්ට අනතුරු ඇගවීමක්

ජංගම දුරකථන යෙදුම් හෙවත් ඇප් සම්බන්ධයෙන් ප්‍රවේශම් වන්නැයි ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සියලුම ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.

ෆේස් ඇප් ඊට උදාහරණයක් ලෙස පෙන්වා දෙන ඔවුන් මේ හරහා පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය පිළිබඳ ගැටලුවක් පැනනැගෙන බව කියා සිටියා.

මේ සම්බන්දයෙන් කළ පරීක්ෂණ වලදී රුසියාවේ සංවර්ධනය කරන ලද ජංගම යෙදුම් ඇමරිකානුවන්ට තර්ජනයක් වන බව එෆ් බී අයි ආයතනය අනාවරණ කළා.

ඒ නිසා මෙවැනි යෙදුම් වල ගොදුරක් බවට ශ්‍රී ලාංකිකයන්ද පත්වන බැවින් සමාජ ජාල ඔස්සේ රැල්ලට සංසරණයවන යෙදුම් භාවිත කිරීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය අන්තර්ජාල පරිශීලකයන්ට දැනුම් දෙනවා.


News Articles
Latest Videos
Most Popular Post