News Line| Off Air| Games
Generic placeholder image

Jan
21

ලංකාවේ සුරාසල් වලින් භාගයක්ම අයිති කාන්තාවන්ට.

714 Views


ලංකාවේ සුරාසල් වලින් භාගයක්ම අයිති කාන්තාවන්ට.

කාන්තාවන්ටත් මත්පැන් මිලදී ගන්න, විකුණන්න අවසර දීපු එක තමයි දැන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්නය. මේ වෙද්දී මංගල අැමතිතුමා අවසර දීපු ගැසට් එක අහෝසි කරන්න කියලයි තියෙන්නේ. ගැසට් එක අහෝසි කරන්න එපා කියලා ජනප්‍රිය නිළී සමනලී අැතුළු පිරිසක් උසාවිත් ගියා.

එ් අතරේ ඉරිදා පුවත්පතක් අපූරු පුවතක් වාර්තා කරලා තිබ්බා. එ් දැනටමත් කාන්තාවන්ට මත්පැන් බලපත්‍ර දීලා තියෙනවාලු. සුරාබදු දෙපාර්තුමේන්තුවේ ජේෂ්ඨ නිලධාරියෙක් කිව්වේ දැනට නිකුත් කරලා තියෙන බලපත්‍ර වලින් 45% ක්ම අයිති කාන්තාවන්ට කියලා.

එ්වා බොහෝමයක්ම දේශපාලන බලපෑම් නිසා පවුලේ ඥාතීන්ට ලබා දීලා තියෙනවා. එ් වගේම සැමියා මියගියාට පස්සේ බිරිඳට අයිතිවුණ බලපත්‍රත් තියෙනවා. බලන් ගියාම ඉතිං අමුතුවෙන් ගැසට් ගහන්නයි අහෝසි කරන්නයි දෙයක් නෑ. ලංකාවේ බාර් භාගයක්ම අයිති කාන්තාවන්ට.

 


News Articles
Latest Videos
Most Popular Post