News Line| Off Air| Games
Generic placeholder image

Dec
15

ශ්‍රී ලංකා පළමු ඉනිමට ධනංජයගෙන් ශතකයක්

641 Views


ශ්‍රී ලංකා පළමු ඉනිමට ධනංජයගෙන් ශතකයක්

පාකිස්ථානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 308කදී අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කලා.

තරගයේ 5වන හා අවසන් දිනය වන අද තරගය ආරම්භයේ මුල් පන්දුවාර කිහිපය ක්‍රිඩා කිරීමෙන් පසුව පළමු ඉනිම අත්හිටුවීමට ශ්‍රී ලංකාව තීරණය කළා.

ඒ අනුව පාකිස්ථානය මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදීම ආරම්භ කර තිඛෙනවා.

පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගයේ ආරම්භක දිනයේ සිටම විටින් විට අයහපත් කාළගුනයෙන් බාධා එල්ලවුනා.

රාවල්පිණ්ඩි ජාත්‍යන්තර ක්‍රීඩාංගණය අවට පැවති අයහපත් කාළගුණය හේතුවෙන් තරගයේ හතරවන දිනය වූ ඊයේ දිනය ක්‍රීඩා නොකර අතහැර දැමීමට විනිසුරුවන් තීරණය කළ අතර පස්වන හා අවසන් දිනය වූ අද රාවව්පිණ්ඩි ක්‍රිඩාංගණය අවට යහපත් කාළගුන තත්වයක් දක්නට ලැඛෙන බව වාර්තා වනවා.

ඒ අනුව අද දිනයේ බාධාවකින් තොරව ක්‍රීඩා කිරීමට අවස්ථාව සැලසෙනු ඇති බව විචාරකයන් පවසනවා.

පාකිස්ථාන පළමු ඉනිම දැන් ක්‍රියාත්මකයි.


News Articles
Latest Videos
Most Popular Post