News Line| Off Air| Games
Generic placeholder image

May
4

සුපිරි නිවේදකයාගේ කාර් එකටම පෙම්වතියව යට වෙයි. ලංකාවම මග බලාගෙන හිටපු “සුදූ” සිංදුවේ ඇත්තම කතාව මෙන්න – Exclusive

19999 Views


සුපිරි නිවේදකයාගේ කාර් එකටම පෙම්වතියව යට වෙයි. ලංකාවම මග බලාගෙන හිටපු “සුදූ” සිංදුවේ ඇත්තම කතාව මෙන්න – Exclusive

දැන් හැදෙන සිංදු, Music Video කිසිම කමකට නෑ. මේ කතාව සමහර විට ඔබත් කියලා ඇති. නැත්තං වෙන කෙනෙක් කියනවා ඇහිලා ඇති. තරඟකාරී කලා ලෝකයේ Views වෙනුවෙන් ගොඩාක් අය හැල්මේ දුවන නිසයි ඇත්තටම රටේ සිංදු වලට Music Video වලට මේ කල ගියේ. හැබැයි ඉඳ හිට මේ ලංකාවේ නිර්මාණයක්ද කියලා හිතෙන තරම් විශිෂ්ට නිර්මාණත් ලංකාවේ නැතුවාම නෙවෙයි. මේත් එහෙම නිර්මාණයක් ගැන කතාවක්.

පහුගිය දවස් වල ඔබ you tube ආවනම් දකින්න ඇති සුදූ කියලා සිංදුවක විවිධ මාදිලියේ රූප රචනා ඇතුලත් Music Video කිහිපයක්ම Trending ඇවිත් තිබුනා. මිලින්ද සඳරුවන් ගායනා කරන මේ සිංදුව ලිවුවේ නව පරපුරේ ජනප්‍රියම ගී පද රචකයා වෙන සජිත් වී. චතුරංග. මේ සුදූ ගීතය තමයි ලංකාවේ එක වර වැඩිම වාර ගාණක් Trending ආව Video එක.

ඉතිං ලංකාවම මග බලාගෙන හිටපු මේ සුදූ ගීතයේ නිල රූප රචනාවත් අද අන්තර්ජාලයට ඉදිරිපත් නිකුත් කළා. මේ තියෙන්නේ ඒ Music Video එක.

ලංකාවේ ඉන්න සුපිරි රේඩියෝ නිවේදකයෙක්ගේ කාර් එකටම ඔහුගේ පෙම්වතියව යට වෙනවා. පෙම්වතිය එවපු SMS එකක් බලන්න ගිය නිසා කාර් එක Drive කරමින් ඉන්න ඔහුගේ අවධානය බිදෙනවා. එතකොටම පාර පනින්න ගිය ඔහුගේ පෙම්වතිය කාර් එකේ හැප්පෙනවා. මේ සිදුවීමෙන් බය වෙන නිවේදකයා අනතුරට තමන්ගේ වාහනයට හැප්පුනේ කවුද කියලා බලන්නේ නැතුව පැනලා යනවා. පහුවෙනිදා එතනින් යනකොටයි ඔහු දැන ගන්නේ තමන්ගේ අතින් මැරුණේ තමන්ගේම පෙම්වතිය කියලා. මේ සංවේදී කතාව තමයි සුදූ Music Video එකේ තියෙන්නේ. ඔබත් බලන්න.

කාලෙකට පස්සේ ඇහැට කඳුලක් ගෙන මේ සුදූ ලංකාවම හොල්ලන Video එකක් බවට පත්වෙයි කියලයි අපිට නම් හිතෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post