News Line| Off Air| Games
Generic placeholder image

Jun
13

පහුගිය අවුරුදු 25 බිහිවුන ලෝකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 11 දෙනා මෙන්න. මුරලි ස්ථානය තහවුරු කර ගනිද්දී සංගක්කාර හැලෙයි.

3139 Views


පහුගිය අවුරුදු 25 බිහිවුන ලෝකයේ හොඳම ටෙස්ට් ක්‍රීඩකයින් 11 දෙනා මෙන්න. මුරලි ස්ථානය තහවුරු කර ගනිද්දී සංගක්කාර හැලෙයි.

පහුගිය අවුරුදු 25 දී ලෝක ක්‍රිකට් ක්‍රීඩාවට විශිෂ්ඨ චරිත රැසක් බිහිවුණා. ඒ අතරිනුත් විශිෂ්ඨතම ක්‍රීඩකයින් තෝරලා සුපිරි ටෙස්ට් කණඩායමක් හදලා තියෙනවා. ESPN Cricinfor වෙබ් අඩවිය තමයි මේ කණ්ඩායම හදලා තියෙන්නේ. ඒ මාස ගණනක් කරපු සමීක්ෂණයකින් සහ විශේෂ ජූරි සභාවකින් තෝරලා.

තෝරා ගත්ත ක්‍රීඩකයින් Cricinfor වෙබ් අඩවියේ පළ කරලා ඔවුන්ට Vote කරන්න අවස්ථාව ලබා දුන්නා. Ian Chappell, Sanjay Manjrekar, John Wright, Dav Whatmore, සහ Mark Nicholas තමයි මේ ජූරියේ සාමාජිකයන් විදියට කටයුතු කරේ. කොහොම වුනත් පහුගිය කාලයේ සුපිරි ටෙස්ට් ක්‍රීඩකයින් විදියට ලෝකයේ ජනප්‍රිය වුන කුමාර් සංගක්කාර, ඩේවිඩ් වෝනර්, ඩිවිලියස්, ස්මිත් පොලොක් වගේ ක්‍රීඩකයින් ඇතුලත් වෙලා නෑ.

මේ සුපිරි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමට ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 5 ක්, ඉන්දියන් ක්‍රීඩකයින් 2ක්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක්, දකුණු අප්‍රිකාවේ ක්‍රීඩකයෙක්, පකිස්තාන් ක්‍රීඩකයෙක් සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක් ඇතුලත්.

මේ තියෙන්නේ පහුගිය අවුරුදු 25 බිහිවුන සුපිරිම ටෙස්ට් ක්‍රීඩකයින්ගෙන් හදපු සුපිරි ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම.

1. මැතිව් හේඩ්න්
2. විරේන්ද්‍ර ෂෙවාග්
3. රිකී පොන්ටිං
4. සචින් තෙන්ඩුල්කාර්
5. බ්‍රයන් ලාරා
6. ජැක් කලිස්
7. ඇඩම් ගිල්ක්‍රිස්ට්
8. වසීම් අක්‍රම්
9. ෂේන් වොන් (නායක)
10. ග්ලේන් මැක්ග්‍රාත්
11. මුත්තයියා මුරලිදරන්


News Articles
Latest Videos
Most Popular Post