News Line| Off Air| Games
Generic placeholder image

Feb
11

ඩුබායිහිදී අඩංගුවට ගත් කා ගාවත් මත්ද්‍රව්‍ය ළඟ තිබිලා අහුවෙලා නැහැ, පාවිච්චි කරලා විතරයි – නීතිඥ උදුල් ප්‍රේමරත්න

2483 Views


ඩුබායිහිදී අඩංගුවට ගත් කා ගාවත් මත්ද්‍රව්‍ය ළඟ තිබිලා අහුවෙලා නැහැ, පාවිච්චි කරලා විතරයි   – නීතිඥ උදුල් ප්‍රේමරත්න

මාකදුරේ මදුෂ් ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම පැවසිය නොහැකි බව, අමල් පෙරේරා හා නදීමාල් පෙරේරා වෙනුවෙන් පෙනී සිටීමට ඩුබායි බලා ගිය නීතිඥ උදුල් ප්‍රේමරත්න මාධ්‍යට පවසා තිබෙනවා. ඒ සම්බන්ධව වැඩි දුරටත් වැඩිදුරටත් අදහස් දක්වන උදුල් ප්‍රේමරත්න ….

සාදයේ සිට අත්අඩංගුවට ගත් පිරිස තවම පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කරනවා උසාවියට ඉදිරිපත් කළේ නැහැ. ඒ ගැන ලංකාවේ වැරදි වාර්තා පලවී තිබෙනවා.  අමල් පෙරේරා සහ නදීමාල් පෙරේරා නිදහස් කරගැනීමට මම උත්සහ කරනවා. ඔවුන් සමග කතා කරන්නට මට අවස්ථාව ලැබුණා. නමුත් උසාවියට ඉදිරිපත් කරන දිනයක් ගැන තවම කියන්න බැහැ. ඩුබායි වල තිබෙන නීතිය ලංකාවේ නීතියට වඩා වෙනස්. දැනට පොලිසිය, පොලිසි පරීක්ෂණ වලින් පස්සේ සැකකරුවන් උසාවියට ඉදිරිපත් කිරීම සාමාන්‍යයෙන් සිදු වෙන දෙයක්. ඒත් ඊට වඩා වෙනස් දෙයක් ඩුබායිහි සිදු වෙනවා. මම මෙහෙට ආවම දැනගන්න ලැබුණේ පසුගිය කාලයේ දී ශ්‍රී ලාංකික සැකකරුවෙකු අවුරුද්දයි මාස නමයක් පොලිසියේ තියාගෙන හිටියා කියලා. මුදල් වංචා වගේ බරපතළ නොවන අපරාධවලදී ඩුබායි පොලීසිය විසින් අනිවාර්යෙන්ම පැය විසි හතරක් ඇතුළත විමර්ශන අවසන් කරලා උසාවි දාන්න ඕනේ. ඒ සඳහා පොලිසිය ඇතුලෙම උසාවියක් තියෙනවා එතැනදි පොලිසිය විසින්මයි නඩු අහන්නේ. මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම,  මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ වැනි බරපතළ වැරදි වලට පොලිසිය අවශ්‍ය කාලයක් උසාවියට සැකකරුවන් ඉදිරිපත් නොකර පොලිසිය තුළ රඳවාගෙන ඉන්න පුළුවන්. අපි බලන්නේ අමල් පෙරේරා නදිමාල් පෙරේරා ගැන පොලිසියට අදාල කරුණු ඉදිරිපත් කරලා උසාවි නොදා බේරගන්න. මත්ද්‍රව්‍ය චෝදනා වලට මෙම පිරිසෙන් කවුරුන් හෝ ඩුබායි ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළොත් අඩුම වශයෙන් අවුරුදු තුනක සිර දඬුවමකට යටත් කරනවා. මෙතන හිටපු කා ගාවත් මත්ද්‍රව්‍ය ළඟ තිබිලා අහු වෙලා නැහැ.බීපු එක විතරයි. මම අද පොලීසිය ඇතුලට ගිහින් මේ ගැන කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post