News Line| Off Air| Games
Generic placeholder image

Dec
21

පෙදරේරුවෙකුගේ අත් පා ගතින් වෙන් වන ලෙස කපා බරපතල තුවාල සිදු කළ දෙදෙනෙකු සොයා පරීක්ෂණ

1624 Views


පෙදරේරුවෙකුගේ අත් පා ගතින් වෙන් වන ලෙස කපා බරපතල තුවාල සිදු කළ දෙදෙනෙකු සොයා පරීක්ෂණ

වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේදී පෙදරේරුවෙකුට පහර දී බරපතල තුවාල සිදු කළ පුද්ගලයින් දෙදෙනෙකු සොයා පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භකර තිබෙනවා.

පොලිසිය පැවසුවේ, තුවාල ලැබූ පුද්ගලයාගේ අතක් සහ පාදයක් ගතින් වෙන් වන ලෙස කඩුවකින් කපා තිබූ බවයි.

බරපතල තුවාල ලැබූ පුද්ගලයා, ශරීරයෙන් වෙන් වූ කොටසක් සමග රෝහල්ගතකර තිබූ අතර ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යවා ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ පුද්ගලයා වෘත්තියෙන් පෙදරේරුවෙකු වන අතර ඔහු සහ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අතර කලක සිට පැවැති ආරවුලක් මෙම පහර දීමට හේතුව බව අනාවරණ වී ඇතැයි පොලිසිය ප්‍රකාශ කළා.

අදාළ පෙදරේරුවා සිමෙන්ති මිල දී ගැනීම සදහා වෙළදසැලක් වෙත යමින් සිටින අතරතුරදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු සහ තවත් අයෙක් කඩුවකින් මෙම පහර දීම සිදුකර තිබෙනවා.

ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා ඉන් මිදීම සදහා අසල තිබූ වෙළදසැලක් තුළට දිව ගොස් තිබුණත් ඉන් මිදීමට නොහැකි වූ බවයි පොලිසියට තොරතුරු දෙමින් ඔහු කියා සිටියේ.

කෙසේ වෙතත් පහර දුන් පුද්ගලයා ප්‍රහාරයට ලක් වූ පුද්ගලයාගේ ශරීරයෙන් වෙන් වූ කොටසක් ද රැගෙන පළා ගොස් තිබෙනවා.

පොලිසිය පැවසුවේ පහර දීම සිදු කළ පුද්ගලයා හදුනාගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බවට ද තොරතුරු අනාවරණ වී ඇති බවයි.

කෙසේ වෙතත් එම පුද්ගලයා සමග පැමිණි අනෙක් පුද්ගලයා පිළිබද කිසිදු තොරතුරක් මෙතෙක් හෙළි වී නැහැ.

මේ වනවිට සැකකරුවන් සොයා පුළුල් මෙහෙයුම් ආරම්භකර තිබෙනවා.

රෝහල් ආරංචි මාර්ග පැවසුවේ තුවාල ලැබූ පුද්ගලයාගේ ශරීරයෙන් වෙන් වූ කොටස් යළිත් බද්ධ කිරීමට ඇති හැකියාව පිළිබද සොයා, ඒ සදහා වන වැඩිදුර කටයුතු සිදු කිරීමට අපේක්ෂා කරන බවයි.


News Articles
Latest Videos
Most Popular Post