News Line| Off Air| Games
Generic placeholder image

Jan
16

කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 22 ක ජල කප්පාදුවක්

551 Views


කොළඹ ප්‍රදේශ රැසකට අනිද්දා පැය 22 ක ජල කප්පාදුවක්

අඹතලේ ජල පවිත්‍රාගාරයේ වාර්ෂික නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලබන සෙනසුරාදා පෙරවරු 9 සිට පැය 22 ක කාලයක් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

කොළඹ,දෙහිවල-ගල්කිස්ස,කෝට්ටේ සහ කඩුවෙල නගර සභා බල ප්‍රදේශ ඊට අයත් වනවා.

මහරගම,බොරලැස්ගමුව,කොළොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලටද කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයටද සෙනසුරාදා පෙරවරු 9 සිට ඉරිදා පෙරවරු 7 දක්වා ජලය ඇත්හිටවනු ඇති.

රත්මලාන සහ සොයිසාපුර මහල් නිවාස සඳහාද මෙම ජල කප්පාදුව බලාත්මක බව සදහන්.


News Articles
Latest Videos
Most Popular Post