News Line| Off Air| Games
Generic placeholder image

Feb
23

වනජීවී නිලධාරීන් වර්ජනය නවතයි

1265 Views


වනජීවී නිලධාරීන් වර්ජනය නවතයි

දින 3ක් තිස්සේ ක්‍රියාත්මක කළ වර්ජනය නවතා දැමීමට සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

අද දහවල් විෂය භාර අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් වර්ජනය නැවැත්වූ බව සදහන්.

වනජීවි නිලධාරීන් මෙම වැඩ වර්ජනය ආරම්භ කළේ දැනට ලබාදෙන අතිකාල දීමනා පැය ගණන 150ක් දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින්.

අද පැවති සාකච්ඡාවේදී අමාත්‍යවරයා එම ඉල්ලීමට එකඟතාව පළ කළ බව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක ප්‍රකාශ කළා.


News Articles
Latest Videos
Most Popular Post