News Line| Off Air| Games
Generic placeholder image

May
16

තවත් වසර 3 කට පසු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලටත් IPL වරම්.

2790 Views


තවත් වසර 3 කට පසු කාන්තා ක්‍රිකට් කණ්ඩායම් වලටත් IPL වරම්.

ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට පස්සේ ලෝකයේ ජනප්‍රියම ක්‍රිකට් සැණකෙළිය තමයි IPL කියන්නේ. ලෝකය පුරාම ඉන්න සුපිරි ක්‍රිකට් තරු IPL වලට එනවා. ඉදිරි අවුරුදු 3 දී තවත් ලොකු වෙනසක් IPL වල කරන්න යනවා.

ඒ කාන්තවන සඳහා වෙනම IPL තරඟාවලියක් පවත්වන්න යනවා. ඉදිරි අවුරුදු 3 ඇතුලතදී කාන්තා IPL තරඟාවලියක් පවත්වනවා කියලා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ප්‍රකාශ කරනවා. ඊට කලින් ප්‍රදර්ශනාත්මක තරඟයක් මේ අවුරුද්දේ පවත්වන්න සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා.

මේ මාසේ 22 ද මුම්බායි හිදී මේ තරඟය පැවැත් වෙනවා. ඔස්ට්‍රේලියාව, එංගලන්තය, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් එක්ක ඉන්දීය කාන්තා ක්‍රීඩිකාවන් තරඟ වදින්න නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post