Agoda නම් කළ ආසියාවේ හොඳම කඳුකර ගමනාන්ත අතරට නුවරඑළියත් එක්වෙයි ලෝකයේ ප්‍රමුඛතම ඩිජිටල් සංචාරක වෙබ් අඩවියක් වන Agoda විසින් ප්‍රකාශයට පත් කළ මේ වසරේ “හොඳම ආසියානු කඳුකර ගමනාන්ත” ලැයිස්තුවට ශ්‍රී ලංකාවේ නුවරඑළිය නගරය ද ඇතුළත් කර තිබෙනවා. මිලියන සංඛ්‍යාත පිරිසක් භාවිතා කරන මෙම වෙබ් අඩවිය මගින් නුවරඑළිය ‘පුංචි එංගලන්තය’ ලෙස හඳුන්වා දී ඇති අතර, එහි […]
කොත්මලේ ජලාශයේ ජල මටට්ම පහළ බැසීම හේතුවෙන් මේ දිනවල කඩදොර විහාරස්ථානයේ නටඹුන් දිස්වන බවට වාර්තා වනවා. දිට්වා සුලි කුණාටුවෙන් පසු කොත්මලේ ගාමිණි දිසානායක ජලාශයේ ජල මට්ටම සීඝ්‍රෙයන් පහළ බැසීමත් සමඟිනුයි ජලාශය ඉදි කිරිමේදි යට වූ කඩදොර විහාරස්ථානයේ නටඹුන් මෙලෙස මතු විමට පටන්ගෙන ඇත්තේ. එම විහාරස්ථානයේ බුදු පිළිමය ඇතුළු විහාරස්ථානයේ නටඹුන් මතු වීමත් සමග එම නටඹුන් […]
චීන අලුත් අවුරුද්ද නොහොත් වසන්ත උදාව පෙබරවාරි මාසයේ 17 වෙනිදාට යෙදී ඇත. චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව මෙම වසරේ වසන්ත උදාවේ සත්ත්ව රාශිය අශ්වයායි. ලොව පුරා චීන ජාතිකයින් නව වසර පිළිගන්නේ දැවැන්ත, නව තාක්ෂණයෙන් යුතුව චීන මාධ්‍ය සමූහය නිෂ්පාදනය කොට සජීවිව ලොව පුරා විසුරුවා හැරෙන වසන්ත ගාලා ප්‍රසංගයත් සමගයි. එම ප්‍රසංගය ලොව වැඩිම පිරිසක් එකවර […]
1971 පෙබරවාරි 2 වනදා ඉරානයේ රැම්සාර් නුවරදී අත්සන් තැබූ ජාත්‍යන්තර සම්මුතිය සිහිපත් කරමින් සෑම වසරකම පෙබරවාරි 02 වනදා ‘ජගත් තෙත් බිම් දිනය’ සමරනු ලබන අතර, 1991 දී ශ්‍රී ලංකාවද ඊට එක්වුණා. ජෛව විවිධත්වය සුරැකීමට, දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දීමට සහ ගංවතුර පාලනය කරමින් පාරිසරික හානි අවම කිරීමට තෙත්බිම් මගින් ඉටුකරන සුවිශේෂී කාර්යභාරය හේතුවෙන් ඒවා ආරක්ෂා කිරීම […]
බොලිවුඩ් සිනමාවේ සමකාලීන සංගීතයේ එක් යුගයක නිමාව සනිටුහන් කරමින්, ප්‍රකට ඉන්දීය ගායන ශිල්පී අරිජිත් සිං තවදුරටත් නව පසුබිම් ගායන අවස්ථාවන් භාර නොගන්නා බව නිවේදනය කිරීමත් සමඟ ඔහුගේ රසිකයන් දැඩි කණගාටුවට පත්ව සිටිනවා. බොහෝ රසිකයන් ඔහුගේ හඬ “අපගේ හදවත් බිඳීම් සහ සැමරුම්වල හඬ” ලෙසත්, තවත් පිරිසක් එය “අපගේ ජීවිතයේ සෑම අස්සක් මුල්ලක් නෑරම රැඳී ඇති හඬක්” […]
ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ 2026 ජාතික ටයිකොන්ඩෝ ජාතික ශූරතාවය ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ කණ්ඩායම විසින් ජයග්‍රහණය කර ඇත.පසුගිය දා (2025.01.25) නිට්ටඹුව, වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී අවසන් වු මෙම තරඟාවලියේදී ගුවන් හමුදා කාන්තා කණ්ඩායම කාන්තා අංශයේ ශූරතාවය ද, පිරිමි අංශයේ අනු ශූරතාවය ගුවන් හමුදා පිරිමි කණ්ඩාමය විසින් දිනා ගන්නා ලදි. ත්‍යාග ප්‍රදාන […]
අයිරාංගනී සේරසිංහ මහත්මියගේ රුව සහිත සිනමා සියවස සමරු මුද්දරය නිකුත් කෙරේ ශ්‍රී ලාංකේය සිනමාවට වසර සියයක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන ලද “ශ්‍රී ලාංකේය සිනමාවේ සියවස” ජාතික සැමරුම් උළෙල පසුගියදා ජාතික චිත්‍රපට සංස්ථා පරිශ්‍රයේදී පැවැත්වුණා. බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවිගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහගේ රුව ඇතුළත් සමරු […]
අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් කොළඹ නගරයට සහ ගාලු මුවදොරට පැමිණෙන ජනතාවගේ පහසුව වෙනුවෙන් හෙට (31) දිනයේ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා. විශේෂයෙන්ම කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤ වීදිය, මරදාන, කොල්ලූපිටිය, බම්බලපිටිය සහ කුරුඳුවත්ත යන ප්‍රදේශවල දැඩි රථ වාහන තදබදයක් ඇතිවිය හැකි බවට පොලිසිය පවසනවා. මෙම ප්‍රදේශවල මාර්ගයන් හෙට දිනයේ සාමාන්‍ය පරිදි විවෘතව […]
“පීපල්ස් එක්සලන්සි අවෝර්ඩ් 2025” සම්මාන උළලේ දී වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය වෙත සම්මාන 16ක් හිමි වුණා. 2025 වසරේ ආකර්ෂණීයම රේඩියෝ නාලිකාවට හිමි සම්මානය දිනාගනු ලැබුවේ සියත එෆ් එම් රේඩියෝවයි. වසරේ විශිෂ්ටතම රේඩියෝ ප්රවෘත්ති සඳහා හිමි සම්මානය සියත එෆ් එම් ප්රවෘත්ති වෙත හිමි වුණා.
2004 වසරේ සිදුවූ දරුණු සුනාමි ව්‍යසනයෙන් දිවි අහිමි වූ දසදහස් සංඛ්‍යාත ජනතාව සිහිපත් කරමින් අද (26) ජාතික සුරක්ෂිත දිනය ලෙස නම් කර තිබෙනවා. එදා සිදුවූ මහා විනාශයෙන් ජීවිතක්ෂයට පත් වූ 35,000කට අධික පිරිස සහ අතුරුදන් වූවන් වෙනුවෙන් ගෞරවය පිදීම සඳහා අද දිනය පුරා දිවයින පුරා විශේෂ සැමරුම් වැඩසටහන් සංවිධානය කර තිබෙනවා.එමෙන්ම මියගිය ජනතාව සිහිපත් කරමින් […]
පෝලන්තයේ සිට මෙරටට සංචාරකයින් රැගෙන ඒම සඳහා වන ‘ස්මාර්ට් වින්ග්ස්’ (Smart Wings) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය සංචාරකයින් 180 දෙනෙකු සමඟ ඊයේ (23) රාත්‍රියේ කටුනායක ගුවන්තොටුපොළට ළඟා වී තිබෙනවා. මෙම මෙහෙයුම යටතේ එළැඹෙන 2026 මාර්තු 15 දක්වා සෑම අඟහරුවාදා දිනකම වෝර්සෝ නුවර සිට කටුනායක දක්වා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක වන අතර, මෙසේ පැමිණෙන පිරිස […]
ස්පාඤ්ඤ ජාතික බියට්‍රිස් ෆ්ලමිනි විද්‍යාත්මක පර්යේෂණයක කොටසක් ලෙස දින 500ක් පුරා ගුහාවක් තුළ හුදෙකලාව ජීවත් වෙමින් සුවිශේෂී වාර්තාවක් පිහිටුවා තිබෙනවා. බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන්වී සිටි ඇය, අතිශය හුදෙකලාව මිනිස් මනසට බලපාන අයුරු නිරීක්ෂණය කිරීමට දායක වී තිබෙනවා. මෙහිදී අනාවරණය වූ වඩාත් විස්මිත කරුණ වූයේ දීර්ඝ කාලීන හුදෙකලාව හමුවේ මිනිසාට කාලය පිළිබඳ අවබෝධය සම්පූර්ණයෙන්ම ගිලිහී යන […]