News Line| Off Air| Games
Generic placeholder image

Nov
6

අපතේ දමන පොල් වතුරේ ගුණ

466 Views


අපතේ දමන පොල් වතුරේ ගුණ

ලෝක පොල් දිනය පසුගිය සැප්තැම්බර් 02 වැනිදාට යෙදී තිබුණා. “උතුරටත් පොල් ත්‍රිකෝණයක්” යන්න තේමා කර ගනිමින් මෙවර ශ්‍රී ලංකාව පොල් දිනය සමරනු ලැබුවා. එලෙස දිනයක් වෙන්කර ගනිමින් පොල් ගැන සැමරුවත් එහි ඇති ගුණ නම් කියා නිම කළ නොහැකියි. මන්ද ඒ තුළ අඩංගු ගුණ සමුදාය අසීමිතයි.

එදිනෙදා අහාර පිළියෙළ කිරීමේ දී අනිවාර්යය දෙයක් ලෙස ගෘහනියන් පොල් භාවිතා කරයි. නමුත් පොල් ගෙඩියේ වතුර ඉවතට දමනවා නම් මෙම ලිපිය කියවීමෙන් පසු කෙදිනකවත් ඔබ එලෙස නොකරනු නොඅනුමානය.

කොලරාව, උග්‍ර පාචනය සමඟ නැවත සජලනය කිරීමේ ප්‍රතිකාරයේ දී පොටෑසියම් ප්‍රභවයක් ලෙස පොල් වතුර පරිභෝජනය කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා යෝජනා කර තිබෙනවා.

ඒ වගේම තමයි පොල් ගසේ සෑම කොටසක් ම පාහේ ප්‍රයෝජනයට ගැනීමට අපට පුළුවන්. මිනිසාගේ උපතේ සිට මරණය දක්වාම ජීවිතේ සුවිශේෂී අවස්ථා රාශියක් සදහා පොල් ගස භාවිත කරනවා.

එහිදී අප වැඩිය නොසිතන දෙයක් තමයි පොල් වතුර කියන්නේ. එදිනෙදා ආහාර සකසා ගැනීම සදහා පොල් භාවිතා කළත් ඒ සෑම අවස්ථාවකම පාහේ පොල් වතුර ඉවත දැමීමටයි අපි හුරු වී සිටින්නේ. නමුත් අපගේ ශරීර සෞඛ්‍ය යහපත්ව පවත්වාගෙන යාමට පොල් වතුර භාවිතයෙන් ලැබෙන වාසි රාශියක් තිබෙනවා.

  1. පොල් වතුර පානය කිරීමෙන් රුධිරයේ අධික සීනි මට්ටම පාලනය කර ගත හැකියි.
  2. හිසකෙස්වල පෝෂණය පවත්වා ගැනීමට උපකාරී වේ. (ස්වභාවික කන්ඩිෂනර් එකක් ලෙස ද භාවිත කරයි)
  3. පොල් වතුර ආහාර ජීර්ණය සඳහා ද උපකාරී වේ.
  4. පොල් වතුර මුත්‍රා ආසාදන වලට හොඳ ප්‍රතිකාරයක්. ( තැඹිලි/ කුරුම්බා)
  5. ආහාරවල ඇති සියලුම ප්‍රෝටීන් ආරක්ෂා කර දෙයි.
  6. තරුණ බව රැකදී සම පෝෂණය කරයි.
  7. පොල් වතුර පානය කිරීම මඟින් රුධිර සංසරණ ක්‍රියාවලිය නිසි පරිදි පවත්වා ගත හැකියි.
  8. සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරයි.
  9. සමේ රෝග සුවපත් කරයි.
  10. අධිරුධිර පීඩනය, කොලොස්ටරෝල්, හෘදයාබාධ, මල බද්ධය සහ ගැස්ට්‍රයිටිස් යන රෝගයන්ගෙන් සුවය ලැබීමට පොල් වතුර උපකාරී වේ.

එහෙනම් මතක ඇතුව අද ඉදන් පොල් වතුර අපතේ නොදමා එයින් ගත හැකි උපරිම ප්‍රයෝජන ගන්න කියලා මේ ලිපියෙන් ඔබට මතක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post