News Line| Off Air| Games
Generic placeholder image

Nov
13

අයවැය අද පාර්ලිමේන්තුවට

439 Views


අයවැය අද පාර්ලිමේන්තුවට

2024 වර්ෂයට අදාළ අයවැය අද (13) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

අනුව ජනාධිපතිවරයා විසින් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය පිළිබඳ විවාදය හෙට (14) දිනයේ සිට ලබන 21වන දින දක්වා පැවැත්වීමට නියමිතය.

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 21 වැනි දින පැවැත්වේ.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථා විවාදය නොවැම්බර් 22 වැනි දින සිට දෙසැම්බර් 13 වන දින දක්වා පැවැත්වීමට නියමිත අතර තෙවන වර කියවීමේ ඡන්ද විමසීම 13 වන දින පස්වරුවේ පැවැත්වෙන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.


News Articles
Latest Videos
Most Popular Post