News Line| Off Air| Games
Generic placeholder image

Dec
5

උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

265 Views


උසස් පෙළ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ඇරඹේ

උසස් පෙළ සිසුන්ට ජනාධිපති අරමුදල මගින් ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන ආරම්භ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඒ අනුව අ.පො.ස.(සා.පෙළ) විභාගය සඳහා 2021 (2022) වර්ෂයේ දී පළමුවරට පෙනී සිට විභාගය සමත්ව 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටීමට නියමිත, ආර්ථික දුෂ්කරතා ඇති සිසුන්ට ජනාධිපති අරමුදල මගින් එම ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිතය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදෙස් පරිදි වැඩසටහන ක්‍රියාවට නැංවෙන අතර සුදුසුකම් සපුරා ඇති ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කරන ලෙස ද මේ වනවිට දැනුම් දී ඇත.

එයට අදාළ ලිපිය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර තිබේ.

ඊට අනුව ශිෂ්‍යත්ව සුදුසුකම් ලැබීමට අයදුම්කරුවන්ගේ පවුලේ මාසික ආදායම රු. 75,000/- නොඉක්මවිය යුතු අතර රජයේ පාසලක හෝ ගාස්තු අය නොකරන පෞද්ගලික පාසලක හෝ ඉගෙනුම ලබන ශිෂ්‍යයෙක් විය යුතුය.

අයදුම්කරු 2021 (2022) වර්ෂයේදී පවත්වන ලද අ.පො.ස (සා.පෙළ) විභාගයට පළමුවරට පෙනී සිට 2024 වර්ෂයේ දී අ.පො.ස (උ.පෙළ) හැදෑරීම සඳහා සම්පූර්ණ සුදුසුකම් ලැබ සිටිය යුතුය.

එක් අධ්‍යාපන කලාපයකට හිමිවන ශිෂ්‍යත්ව ප්‍රමාණය 30ක් වන අතර, එලෙස ‍තෝරා ගන්නා ශිෂ්‍යත්වලාභීන්ට අ.පො.ස (උ.පෙළ) විභාගයට පෙනී සිටින තෙක් මසකට රු. 5,000.00 බැගින් මාස 24ක උපරිම කාලසීමාවක් සඳහා ශිෂ්‍යාධාරය පිරිනමනු ලැබේ.

මීට අදාළ අයදුම්පත්‍ර අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දැනටමත් විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත.

ශිෂ්‍යත්ව අපේක්ෂකයන් අදාළ අයදුම්පත්‍ර විදුහල්පති මගින් ලබාගෙන ආදායම් තත්ත්වය පිළිබඳ ග්‍රාම නිලධාරීගේ අදාළ නිර්දේශය සහිතව 2022-12-23 වන දිනට පෙර විදුහල්පති වෙත භාරදීමට කටයුතු කළ යුතුය.

එම අයදුම්පත්‍ර විදුහල්පතිවරු විසින් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වෙත යොමු කළ යුතුය.

ප්‍රමාද වී ලැබෙන අයදුම්පත්‍ර ප්‍රතික්ෂේප කරනු ලැබේ.

මීට අදාළ අයදුම්පත්‍රය හා උපදෙස් පත්‍රිකාව ජනාධිපති අරමුදලේ www.presidentsfund.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ද ලබාගත හැකිය


News Articles
Latest Videos
Most Popular Post