News Line| Off Air| Games
Generic placeholder image

Jan
5

ටයිටැනික් පරදවන Icon of the Seas මංගල සංචාරයට සූදානම්

439 Views


ටයිටැනික් පරදවන Icon of the Seas මංගල සංචාරයට සූදානම්

ලොව මෙතෙක් නිෂ්පාදනය කරන ලද විශාලතම මගී ප්‍රවාහන නෞකාව මංගල සංචාරය සඳහා සුදානම් වන බව වාර්තා වනවා.

අයිකන් ඔෆ් ද සීස් ලෙස නම් කර ඇති මෙය ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක් පමණ විශාල බවයි වාර්තා වන්නේ.

ලබන 27 වනදා අමෙරිකාවේ මියාමි වරායෙන් නෞකාව මංගල සංචාරය ආරම්භ කිරීමට නියමිතයි.

තට්ටු 20කින් සමන්විත අයිකන් ඔෆ් ද සීස් නෞකාව අඩි 1196 ක් දිග වන අතර උපරිම වශයෙන් මගීන් 7600කට ගමන් කිරීමට පහසුකම් ඇති බවයි වාර්තා වන්නේ.

මෙම නෞකාවේ 2350ක කාර්ය මණ්ඩලයක් සේවය කරනු ලබනවා.

මෙහි බර ටොන් 250,800 ක් පමණ වෙතැයි ගණන් බලා තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.


News Articles
Latest Videos
Most Popular Post