News Line| Off Air| Games
Generic placeholder image

Apr
5

සිරිපා කරුණාවේ ගිය බස් රැජිණියන්

250 Views


සිරිපා කරුණාවේ ගිය බස් රැජිණියන්

මෙරට විශේෂ චාරිකා සඳහා වෙන්කර ඇති පුද්ගලික බස්රථ 25 ක් එක්ව මෙවර සිදුකළ වටිනා පුණ්‍යකර්මයක් ගැන තොරතුරු දැනගන්නට ලැබුණා.

ඒ බැතිමතුන් 1,300 ක් නොමිලේ සිරිපා කරුණා කරවීමයි.

කිසිදු අයකිරීමක් නොමැතිව නොමිලේ ආහාර පාන ලබා දී හම්බන්තොට, මාතර, ගාල්ල, හිනිදුම, මැදමුලන, තංගල්ල, කුරුණෑගල, ගම්පහ, උඩුගම්පොළ, අම්බලන්ගොඩ, පිළිමතලාව ආදී ප්‍රදේශ රැසකින් බැතිමතුන් සිරිපා කරුණා කරවීම විශේෂත්වයක්.

ගමන ආරම්භ කළ අවස්ථාවේ සිට බැතිමතුන් සිය නිවෙස්වලට යන අවස්ථාව දක්වා ම ප්‍රවාහනය හා ආහාර ආදී සියලු සංග්‍රහ සත්කාර එම බස්රථ හිමියන් විසින් දරනු ලැබීම ද මෙහි විශේෂත්වයක්.

හැටන් – නල්ලතන්නිය මාර්ගයෙන් මෙම බස්රථ ගමන් ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප පෙළක් ද පහතින්,


News Articles
Latest Videos
Most Popular Post