News Line| Off Air| Games
Generic placeholder image

Feb
21

කැනඩාවේ වාහන 200ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

702 Views


කැනඩාවේ වාහන 200ක් එකිනෙක ගැටීමෙන් අනතුරක්

කැනඩාවේ කෙබෙක් පළාතේදී වාහන 200ක් පමණ එකිනෙක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර 60කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව සදහන්.

කැනඩාවේ කෙබෙක් පළාතේ මොන්ට්‍රියල් නගරයේ මහාමාර්ගයකදී ධාවනය වෙමින් තිබූ වාහන 200ක් පමණ ගැටී මෙම අනතුර සිදුව ඇති අතර ප්‍රබල හිම කුණාටුවක බලපෑමෙන් රියදුරන්ට එක්වරම දෘෂ්ටියේ අපහසුතා මතුවීම නිසා අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් වාහන රැසක් මුළුමණින්ම විනාශ වී ඇති අතර අනෙකුත් වාහනවලටද දැඩි අලාභහානි සිදුව ඇති බව සඳහන්.

මේ හේතුවෙන් අදාළ මාර්ගය පැය කිහිපයකට වසා දැමුණු අතර අනතුරට පත් වාහනවලින් ගලාගිය ඉන්ධන සහ හිම ඉවත් කිරීමේ මෙහෙයුමක් බලධාරීන් විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post