News Line| Off Air
Generic placeholder image

Aug
2

පඬි වදන් පුස්සක් කරමින් පිටසක්වලින් පණිවිඩයක් එයි…

11998 Views


පඬි වදන් පුස්සක් කරමින් පිටසක්වලින් පණිවිඩයක් එයි…

පොඩි කාලේ හඳ මාමගෙන් කිරි, පැණි ඉල්ලපු අපි ඩිජිටල් යුගයට එද්දී හිතනවා අනේ අපොයි ඒ කාලේ මොනාද ඒ කරේ කියලා. හැබැයි ඔබ විශ්වාස කරනවද අපි එදා ඇත්තටම ඒ කරලා තියෙන්නේ පිටසක්වලත් එක්ක පණිවුඩ හුවමාරු කරගැනීමක් කියලා.

ඔබේ උත්තරේ මොකක් වුණත් දකුණු ඇමෙරිකාවට අයිති පුවෙට‍්‍රිකෝ දුපතෙන් අපිට ආරංචි වුණු මේ කතාවේ හැටියට නම්, මේ කියන්න යන තොරතුරෙන් කියවෙන්නේ හඳ මාමා එක්ක කතාකරල තියෙන්නෙ අපි විතරක්ම නෙමෙයි කියල.

අපට මේ තොරතුර වාර්තා වෙන්නෙ දකුණු ඇමරිකාවෙන්. ඒ තමයි දකුණුඇමරිකාවේ පුවෙට‍්‍රිකෝ හි පිහිටලා තියෙන රෙෂියෝ කියන දුරේක්ෂයට පිට සක්වලින් ආපු පණිවිඩයක් හොයාගෙන තියෙනවා. පණිවිඩයක් කිව්වට මේක සංඥාවක් තාරාකා විද්‍යාඥයින් කියන විදිහට, මේක පෘතුවියේ ඉඳලා ආලෝක වර්ෂ 11 ක් ඈතින් පිහිටලා තියෙන ග‍්‍රහලෝකයකින් නිකුත් කල සංඥාවක්. රෝස් 128 ලෙස නම කරලා තියෙන තාරකාව වටා ගමන් කරන මේ ග‍්‍රහලෝකය ගැන හරි තොරතුරක් තාම හොයාගන්න බැරිවෙලා තියෙනවා. කොහොමඋනත්මේ ගැන දිගටම පරීක්ෂණකරනබව තමයි තාරකා විද්‍යාඥයින් කියන්නේ.

තව ටික දවසකින්අපට හඳ මාමා එක්ක පොඩි කාලේ කතා කරපු විදිහට නැතුව ඇත්තම ක‍්‍රමයකට හධ මාමටත් එහා තියෙන ග‍්‍රහලෝක වල අය එක්ක කතා කරන්න පුළුවන් වෙයි.

 


News Articles
Latest Videos
Most Popular Post