අද 2017 සැප්තැම්බර් මාසයේ 03 ඉරිදා
රාහු කාලය: පෙ.ව 04.45 සිට 06.16
සුභ දිශාව: දකුණ
මරු සිටින දිශාව: උතුර
මේෂ ලග්නය

අලුත් කටයුතු කීපයක් ඔබට ආරම්භ කිරීමට සුදුසු වුනත් තරමක් දුරට සුළු සුළු මතභේද චිත්ත පීඩා රෝගාබාධ ඇති වීමට ඉඩ තිබෙනවා. කොන්ද ආශ්‍රිතව යටිබඩ ආශ්‍රිතව රෝගාබාධ වලින් ප්‍රවේසම් වන්න. අධ්‍යාපනය සම්බන්ධයෙන් බොහෝ විට කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යාමත් අධ්‍යාපන පීඨ සොයන්නන්ටත් යහපත් වූ කටයුතු සිදු වේවි. මව්පියන් වෙනුවෙන් තරමක දුරට වෙහෙසීමට හෝ ඥාති මිත්‍රාදීන් අතර කැපී පෙනීමට ඔබට අද හැකියාවක් තියෙනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 01
වෘෂභ ලග්නය

අධික කාර්යබහුල තත්වයක් ඇති වෙනවා. ඥාතීන් හිතවතුන් ගෙදරට පැමිණෙන ඔවුන්ට සංග්‍රහ කිරීමට සිදුවන දුර බැහැර ගමනක් හෝ වන්දනා ගමනක් යාමට ලක ලැහැස්ති වීමට ඉඩ තිබෙනවා. මෙතෙක් නොඇසූ නොදුටු දේවල් ඇස ගැටීමට තිබෙන දිනයක්. එබැවින් එවැනි දේ ආශ්‍රිතව කටයුතු කරනවා. නමුත් ජලයෙන් හෝ ජල සම්බන්ධ කටයුතු වලදී ප්‍රවේසම් විය යුතුයි. යාන වාහන පැදවීමේදී ඔබ තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. සුළු සුළු බාධා මද්‍යයේ වැඩ කටයුතු සිදුවන නිසා. දරුවෙක් වෙනුවෙන් සතුටු වීමක් හෝ දරුවෙක්ගේ මංගල්‍යමය කටයුත්තක් සාර්ථක කර ගැනීමට උපකාරී වන අන්දමේ කටයුතු කීපයක් සිදු වේවි.
ජය වර්ණය: දම් පැහැය ජය අංකය: 02
මිථුන ලග්නය

ලැබීම අතින් යහපත් වුවත් ඉක්මන් විය පැහැදම් ඇති වෙනවා. ජල පිඩා සතුරු පීඩා ඇති බැවින් ප්‍රවේසම් විය යුතු දිනයක්. අන්‍යන්ගේ ප්‍රශ්න ඔබ මතට පැටවීම නිසා චිත්ත පීඩා මතු වේවි. ඥාතියෙක් හෝ දරුවෙක් වෙනුවෙන් ඔබට වියදම් කිරීමට සිදුවන අතර ඔබගේ කටයුතු සාර්ථක වන්නේ බොහෝ විට ඔබ හිතාමතා බුද්ධිමත්ව කටයුතු කළහොත් පමණයි. කාර්යබහුලත්වය වැඩියි.අනවශ්‍ය පැටලිලි අනවශ්‍ය සිත් වේදනා ඇති වීමටද ඉඩ තිබෙනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 05
කටක ලග්නය

උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බව ඇතත් තරමක් දුරට කරන වැඩ කටයුතු වෙනස් මගකට යොමු කිරීමකට හෝ මංගල්‍යමය ගමන් බිමන් වැඩි දිනයක්. පෙම් සම්බන්ධතා වැඩි දියුණු වීමත් එවැනි දේකට යොමු වීම තුලින් ඔබට තරමක් ගැටළු සහගත බවක් උසුලනවා. අධ්‍යාපනය සම්බන්ධයෙන් ගන්නා වූ තීන්දු තීරණ වෙනස් මාර්ගයකට ගැනීමත් ගුප්ත විද්‍යා අංශයේ කටයුතු කිරීමට පෙළඹීමත් අද දිනයේදී ඔබට දැකගත හැකි වෙනවා. ඒවගේම එවැනි දේවල් වලට යාමෙන් තරමක් දුරට කල්පනාකාරී විය යුතුයි. අනවශ්‍ය කරදර මෙන්ම වියපැහැදම් වැඩි වේවි. දවසේ වැඩි හරියක් නිවාඩුව හෝ පැත්තකට වී සිටීමට කල්පනාකරන ඔබ සවස් යාමයේ තරමක් දුරට ගමන් බිමන් වැඩියි.
ජය වර්ණය: ලා නිල් පැහැය ජය අංකය: 02
සිංහ ලග්නය

ප්‍රබෝධය උත්සාහය උනන්දුව එඩිතරභාවය කැපී පෙනීම තිබෙන දිනයක්. ඔබ යම් තාක් දුරට කරගෙන ආ වැඩ කටයුතු ඉදිරියට යාමක් විනා ආපස්සට නොගන්නා ඔබ අද සියලු දෙනා අතර කැපී පේනවා. අතමිට මුදල් සරුවීමත් ලැබීම අතින් යහපත් වීමත් තිබෙන නිසා ඔබගේ තත්වය බලය පෙන්වීමට හැකියාව පවතිනවා. ඥාතියෙකුගේ හෝ හිතවතෙකුගේ වැඩකටයුතු දියුණු කිරීමට යාමෙන් ඔබට වියපැහැදම් වැඩි වේවි. අනවශ්‍ය පැටලිලි හෝ චිත්ත පීඩා මතු වීමට ඉඩ තිබෙනවා. එබැවින් ඔබ කරන දේ බුද්ධියෙන් යුතුව සොයා බැලිය යුතුයි.
ජය වර්ණය: රන්වන් කහ පැහැය ජය අංකය: 02
කන්‍යා ලග්නය

උත්සාහය උනන්දුව චිත්ත පීඩාවකින් තොරව වැඩ කිරීම නිසාම ඔබට ඉදිරියට යාමට හැකියාවක් තියෙනවා. සියලු දෙනාම එකමුතු වී කරන කටයුතු සමාජ සේවා කටයුතු ඒ වගේම සමාජය හා ගැටෙන කටයුතු කිරීමට සුභදායක වෙනවා. ඒ වගේම ඔවුන්ගේ බලපෑම් ඔවුන්ගේ ශක්තිය ඔබට ලැබෙන අතර සෑම දෙනා සමගම කුළුපගව කරන කටයුතු සාර්ථක වෙනවා. අනිත් අයගේ ප්‍රශ්ණ අභිබවා ඔබගේ ප්‍රශ්ණ ඉස්මතු කර ගැනීමට අවස්ථාව උදා වෙනවා. අනවශ්‍ය ආකාරයෙන් සතුරු කරදර යටිකුට්ටු උපක්‍රම වලින් ප්‍රවේසම් විය යුතුයි. බොහෝ විට අධ්‍යාපනික ස්ථානය වෙනසක් කිරීමට ඔබ සිතා සිටිනවානම් අද දිනය තුලදී එය සාර්තකවන අතර අලුත් අත්දැකීම් ලැබීමට සාධක පවතිනවා.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 05
තුලා ලග්නය

කලා කටයුතු හෝ ඉංජිනේරු කටයුතු විද්‍යා කටයුතු කරන්නන්ට යහපත් වූ දිනයක්. අතමිට මුදල් ගැවසෙනවා. යාන වාහන හෝ ගෙයක් දොරක් ලැබීමට හැකියාවක් ලැබෙන අතර එවැනි දේකට දායක වීමට හැකියාවක් තිබෙනවා. ඒ වගේම ඔබට තැන්පත් මුදල් වැයවන ගතියක් මතුවන නිසා ඒගැන වඩාත් සැලකිලිමත් විය යුතුයි. යටිකුට්ටු උපක්‍රම හෝ සතුරු කරදර වලින් වරින් වර පීඩා දායක තත්වයක් මතු වුවත් ඒවා ගණන් නොගෙන ඉදිරියට යාමේ හැකියාවක් තියෙනවා.
ජය වර්ණය: රතු පැහැය ජය අංකය: 05
වෘශ්චික ලග්නය

අද දිනය තුලදී හැකිපමණ ඔබ උත්සාහයෙන් හා ක්‍රියාශීලිව කටයුතු කරනවා. රැකියාවේ ප්‍රබෝධය උනන්දුව නිසාම රැකියාවෙන් ලැබීම ඇති වෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන්ට සතුටුදායක වෙනසක් කිරීමට හැකියාව තිබෙන නිසා ඔබගේ ව්‍යාපාරය පුළුල් කිරීම හෝ තව තවත් බඩු මුට්ටු විකුණා ගැනීමට හැකියාව ලැබෙනවා. ව්‍යාපාරිකයින්ට අද දිනය සුභදායකයි. අන්‍යන් සතු වස්තුව ලබා ගැනීමට හෝ උරුමහිමිකම් දේපල වස්තුව ලබා ගැනීමට සුභදායක දිනයක්. නමුත් සුළු සුළු බාධා මුදල් හානි චිත්ත පිඩා මතු වීමට ඉඩ ඇති බැවින් කල්පනාකාරී විය යුතුයි.
ජය වර්ණය:රතු පැහැය ජය අංකය: 06
ධනු ලග්නය

බොහෝ විට දුරදිග බලා කටයුතු කරන ඔබ තරමක් දුරට සැලෙන ගති මතු වෙන්නෙ ඔබ ඇසුරු කරන පුද්ගලයන්ගේ ක්‍රියාකලාපයන් නිසා. එබැවින් ඒ ගැන වැඩිපුර සොයා බලා කටයුතු කරන්න. ඔවුන් ඔබට ලංවීම එතරම් සුභදායක නැහැ. යටිකුට්ටු උපක්‍රම චිත්ත පිඩා මතු වීමට ඉඩ තිබෙනවා. දුර බැහැර ගමන් බිමන් වන්දනා ගමන් හෝ රටින් පිටවීම් ඇති බැවින් ඒගැන වඩාත් සැලකිලිමත් විය යුතු දිනයක්. අනුන් සතු දෙයක් ඔබ ලබා ගන්නේ නම් බොහෝ විට නිතිප්‍රකාරව ලබා ගැනීමට හේතු සාධක ඇතිව ලබා ගැනීමට උත්සහ කරන්න. නැතිනම් ඔබට එයින් නීති ප්‍රශ්ණ හෝ සතුරු කරදර මතු වේවි. දෙන්නන්වාලේ ගන්නට යනවා නොව නිත්‍යානුකුලව ලබා ගැනීමට උත්සහ කල යුතුයි.
ජය වර්ණය: රන්වන්කහ පැහැය ජය අංකය: 04
මකර ලග්නය

බොහෝ විට උනන්දුව උත්සාහය ක්‍රියාශීලි බව තිබෙනවා. කරගෙන ආ වැඩ කටයුතු වෙනස් මගකට හෝ වෙනත් මගකට යොමු කිරීමත් ව්‍යාපාර වලින් වෙනසක් ඇති කිරීමටත් ඉඩ තිබෙන දිනයක්. අනුන්ගේ ප්‍රශ්න ඔබ මතට පැටවීම තුලින් චිත්ත පිඩා කලකිරීම් මතු වේවි .ඒ වගේම මංගල්‍යමය ගමන් බිමන් වැඩි දිනයක්. බාහිර කටයුතු කර ගැනීම උදෙසා ඔබ හුදෙක් දුරදිග බලා කටයුතු කිරීමට පෙළඹේවි. අන්‍යන් සතු ලැබීම අන්‍යන්ගේ වස්තුව ආරක්ෂා කිරීමටත් එවැනි දේකට අත පෙවීමටත් ඔබට සිදුවන දිනයක්. ඒ වගේම බාහිර ප්‍රශ්ණ ඔබ මතට පැටවීම නිසා කලකිරිම්ද මතු වෙනවා. විනෝදය සංචාර කටයුතු සුභවාදී වන අද දිනයේදී එවැනි දේකට යහපත්ව දෙයක් කිරීමට සුභවාදී වෙනවා.
ජය වර්ණය: සුදු පැහැය ජය අංකය: 01
කුම්භ ලග්නය

ක්‍රමවත්ව සැලැස්මක් ඇතුව කිරීමට හිත දෙනවා. ඒ වගේම මංගල ගමන් බිමන් වැඩි වුවත් පවුලේ ඥාතීන් අතර හෝ ස්වාමියා අඹුසැමියන් අතර සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වීමට ඉඩ වැඩියි. ක්ෂණික තීරණ ඉක්මන් තීරණ ගැනීමේදී ප්‍රවේසම් විය යුතුයි. පාද ආශ්‍රිත රෝගාබාධ හෝ උෂ්ණ රෝගාබාධ ඇති අය අද දිනය තුලදී ප්‍රවේසම් විය යුතුයි. දරුවෙකුගේ කටයුතු කිරීමට ගොස් මව්පිය අතර ගැටළු ඇතිවීමට ඉඩ තිබෙන නිසා දෙමව්පියන් තරමක් කල්පනාකාරී විය යුතුයි. ඒ වගේම බාහිර බලපෑම් මත කරන කටයුතු වලදී ඉවසිලිවන්තව කටයුතු කරන්න.
ජය වර්ණය: කහ පැහැය ජය අංකය: 09
මීන ලග්නය

ලැබීම අතින් යහපත් වෙනවා. ව්‍යාපාරික අන්දමේ කටයුතු කරන අයට යහපත් සිතුවිලි ඇතිවන අතර සියලු දෙනාම එකමුතුව ඒකරාශී වී කරන කටයුතු වලින් යහපත් ප්‍රතිචාර ඇති වේවි. අලංකාරය උදෙසා යම් යම් කටයුතු කිරීමට උත්සහ දරන ඔබ භාහිර මත භේද චිත්ත පිඩා මතු වීමට ඉඩ තිබෙනවා. අවුල් සහිත ගතියක් මතු වීමත් කාර්යබහුල වීමත් නිසා ඔබට තමන්ගේ ආහාර පවා අමතක කර වැඩ කටයුතු වලට යොමු වේවි. අනුන්ගේ කටයුතු ඔබ මතට පැටවීම නිසා තරමක් දුරට අවිවෙකිවන අතර සුළු සිත් තැවුල් ද මතු වෙනවා. ඥාතියෙකුගේ හා බාහිර බලපෑම් මත කටයුතු කිරීමේදී තරමක් ඉවසිලිවන්තව හා බුද්ධියෙන් ක්‍රියා කිරීමට වගබලා ගන්න. නැතිනම් නැවතත් ඔබට නින්දා අපහාස කලකිරීම් මතු වේවි.
ජය වර්ණය: රන්වන් කහ පැහැය ජය අංකය: 05
ප්‍රවීණ ජෝතිශ්‍යවේදී : චින්තා වික්‍රමසිංහ
දුරකථන අංකය: 011 2 50 93 86