ලෝක බලවතා වෙන ඇමරිකාවටත් වැරදුන එක දවසක් තමයි 2001 සැප්තැම්බර් 11 කියන්නෙ. ඒ අල්කයිඩා ත්‍රස්තවාදීන් නිසා. මේ 9/11 ප්‍රහාරයෙන් ඇමෙරිකාව විතරක් නෙවෙයි මුළු ලෝකයම කම්පාවට පත්වෙලා අදට අවුරුදු 16 ක් වෙනවා.
ඇමරිකාවේ නිව්යෝක් වල ලෝක වෙළඳ මධ්‍යස්ථානය සහ පෙන්ටගනය ඉලක්ක වෙලා තිබුන මේ ප්‍රහාරය එල්ල වුනේ 2001 සැප්තම්බර් 11 වෙනිදා උදේ 8.46 ත් 10.28 ත් අතර. ඒ වෙලාවේ සිදු වුන මේ විනාශය නිසා, ප්‍රහාරයට ආව ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ඇතුළුව මියගිය ගණන 3000 ක් පමණ වෙනවා. ගුවන්යානා කොල්ලකෑම, සමූහ ඝාතන, මරාගෙන මැරීම, ත්‍රස්ත ප්‍රහාර ඔක්කොටම සම්බන්ධ බින් ලාඩන් තමයි මේ ප්‍රහාරයේ ප්‍රධානියා. ඇමෙරිකාවට ගහන්න සැලසුම් හදලා ඔහු හිටියේ ඇෆ්ගනිස්තානයේ තමන්ගේ සුපිරි බංකරේට වෙලා.
කොහොම වුනත් එදා මේ සිද්ධිය හරියටම වුනේ කොහොමද කියල ආයිත් පාරක් ඔබට මතක් කරලා දෙන්න සියත 24 අපි හිතුවා.
1) සැප්තැම්බර් 11 උදෑසනම ත්‍රස්තවාදීන් 19 දෙනෙක් ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපොල, ඩල්ස් ජාත්‍යන්තර ගුවන්තොටුපොල සහ හේවාක් ජාත්‍යන්තර ගුවන්තොටුපොල ඉඳලා කැලිෆෝනියා දක්වා ගමන් කරමින් තිබුන වෙළඳ ගුවන් යානා හතරක් පැහැරගන්නවා.
2) ඇමරිකන් එයාලයින්ස් 11 කියන ගුවන් යානය සහ යුනයිටඩ් එයාලයින්ස් 175 කියන යානා දෙක ලෝක වෙළද මධ්‍යස්ථානයේ උතුරු හා දකුණු කුලුණු වෙත ත්‍රස්තාවාදීන් විසින් පදවනවා.
3) තවත් කොල්ලකරුවන් පිරිසක් ඇමරිකන් එයාලයින් 77 ගුවන්යානය පෙන්ටගනයටත්, යුනයිටඩ් එයාලයින් 93 යානය ඇමරිකානු මහ මන්ත්‍රණ සභාවේ ගොඩනැඟිල්ලෙ හප්පන්න කලින්ම පෙනිසිල්වේනියා වල හැන්ක්ස්විල් ප්‍රදේශයේදී අනතුරට ලක් වෙනවා.
4) අංක 175 ගුවන් යානය උදේ 9.59 ට ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ගැටෙනවා.
5) උදේ 10.28 ට උතුරු කුළුණ සම්පූර්ණයෙන්ම කඩා වැටෙනවා.
6) සිදු වුන හානිය නිසා දකුණු කුළුනටත් ලොකු ආපදාවක් වෙනවා. ඒ නිසා මේ ගොඩනැගිල්ලත් සැප්තැම්බර් 12 දා හවස 5.20 ට කඩා වැටෙනවා.
මේ සිද්ධියෙන් පස්සෙ සිදු වුන ජීවිත හානි ගණන 17,600 ක් කියලා වාර්තා වුනා. ඒත් 2006 අවුරුද්දෙදි මේ සුනු බුන් සුද්ද කරපු අයටත් මිනිස් අස්ථි කෑලි හමුවෙලා තියෙනවා. ඒ අනුව මේ සිද්ධියෙන් නැති වුන ජීවිත ගණන මීට වඩා වැඩියි කියල තමයි අළුත්ම වාර්තා වලින් පෙන්වලා දෙන්නෙ.
මේ සිද්ධියෙන් පස්සෙ ගොඩක් අයට සෞඛ්‍ය ප්‍රශ්නත් ඇති වුනා. ඒ මොකද කියනවනම්, කුළුණු 2 කඩා වැටීමෙන් තිබුන කෑලි වල පිළිකා කාරක ඇතුලත් 2500 ක් විතර විෂ ඇතුලත් වුන නිසා. ගලවා ගැනීමේ මෙහෙයුම වල හිටපු සේවකයින් හා ප්‍රතිසංකරණ වල යෙදිල හිටපු සෙවකයන්ටත් බෙල හීන රෝග වලට ගොදුරු වෙන්න සිද්ධ වුනා. මේකට ආසන්නතම හේතුව වුනේ, ඔවුන් මේ සුන්බුන් ආශ්‍රිත පරිසරයට නිරාවරණය වීම. ඒ වගෙම NYPD නිළධාරියෙක් වුන ෆ්‍රෑන්ක් මැක් රී කියන කෙනා ඔහුගේ සිරුර පුරාම පැතිරුණු පිළිකාවක් නිසා 2007 සැප්තැම්බර් 03 මිය ගියා. පහළ මැන්හැට්ම් හා ඒ අසල චයිනා ටවුන් ප්‍රදේශ වල ශිෂ්‍යයින්ට, කාර්යාල සෙවකයින්ට පවා මේ සෞඛ්‍ය ගැටළු බලපෑවා.
කොහොම වුනත් මේ විනාශකාරී ත්‍රස්ත ක්‍රියා නවත්තලා, අළු ගසා නැඟිටින්න මේ වෙනකොට ඇමරිකාව සමත් වෙලා තියෙනවා.
ඇමරිකානු ලෝක වෙළඳ මධ්‍යස්ථානය හැදෙන තැන ඉඳලා විනාශ වෙන තැන වෙනකන් නිකුත් වුන Video එකක් පහතින් බලන්න.
https://www.youtube.com/watch?v=HssFfs2Xa3k