මේ වෙද්දී ශ්‍රී ලංකාව ක්‍රිකට් වලින් නම් වෙන්න ඕන හැම විදිහටම අගාධයට ගිහින් තියෙන්නේ. ඉන්දියාවට ගිහින් ඉන්න අපේ ක්‍රිකට් කණ්ඩාම එකම එක තරඟයක් ඇරෙන්න අනිත් තරඟ ඔක්කොම ටික මේ වෙද්දී පැරදිලා ඉන්නේ. අද රෑට තියෙන තරඟයේ ජයග්‍රහණය ගැනත් ශ්‍රී ලංකා ප්‍රේක්ෂකයින්ගේ හිත් වල තියෙන්නේ අඩමානයක්.
ක්‍රිකට් වලින් හෙම්බත් වෙලා ඉන්න ශ්‍රී ලංකාවේ අපිට, ඉන්දියාවට අභියෝගයක් කරන්න පුළුවන් කෙනෙක් දැන් ඉන්නවා. ඒ තමයි සංඛ දිනෙත්. සංඛ මේ වැඩේට බැස්සේ ඉන්දීය ගායක ආදිත්‍ය නාරායන් එක්ක. ඒ ඔහු ආදිත්‍ය නාරායන් එක්ක අලුතෙන්ම කරපු ගීතයෙන්. මේ සින්දුව තමයි අන්තර්ජාතික ගායකයන් දෙන්නෙක් එකතුවෙලා කරපු, මුල්ම සිංහල සහ හින්දි Mash Up එක. මේ සින්දුව අහපු ගොඩක් අය කිව්වේ, ඇත්තටම ආදිත්‍යට වැඩිය හොඳට සංඛ දිනෙත් හින්දි ගීත ගායනය කරනව කියලයි.
මුලින්ම Audio එක විතරක් Release කරපු මේ Mash Up එකේ, Video එක පහුගිය දවසක සංඛ Release කරා. හැමෝම සංඛට හොඳයි කියපු ඒ සින්දුව පහතින් බලන්න පුළුවන්.